ඔවුන් ලොවක ආදරයට පාත්‍ර වුණු චරිත ද්විත්වයක්..
ඔවුන් ගැන මේ ඇසෙන අලුත්ම ආරංචිය මොකක්ද..?
2023 වසර සඳහා වූ 71 වන ජාතික චිත්‍රපට සම්මාන උළෙල ප්‍රකාශයට පත් කර තිබෙනවා..
ඒ අනුව, හොඳම නළුවාට හිමි සම්මානය ෂාරුක් ඛාන් දිනාගැනීමට සමත් වුණා..
ෂාරුක් ඛාන්ගේ වසර 35ක සිනමා ජීවිතයේ දී ලද පළමු ජාතික සම්මානය මෙයවන අතර, ක්‍රියාදාම චිත්‍රපටයක්වන “Jawan” හි රංගනය වෙනුවෙනුයි ඔහු මෙම සම්මානය දිනාගැනීමට සමත් වුණේ..
එහිදී හොඳම නිළියට හිමි සම්මානය රාණි මුකර්ජි දිනාගැනීමට සමත්වුණා..
“Mrs Chatterjee vs Norway” චිත්‍රපටයේ රංගනය වෙනුවෙනුයි ඇය හොඳම නිළිය සම්මානය දිනාගෙන ඇත්තේ..












