Home Uncategorized මොකද්ද මේ හත්මාළුව කියන්නේ? හුඟාක් දෙනෙක් නොදන්න හරියටම හත් මාලුව හදාගන්න හැටි...

මොකද්ද මේ හත්මාළුව කියන්නේ? හුඟාක් දෙනෙක් නොදන්න හරියටම හත් මාලුව හදාගන්න හැටි දැනගමුද ?

0
221

අතීතයේ ඉදන්ම දැනටත් නොනැසී පවතින බොහොම පෝෂ්‍යදායී ආහාරයක් ගැන කියන්නයි මේ සුදානම. අහල තියනවද “හත් මාලුව” ගැන ඔන්න අද අපි ලියන්නෙ “හත් මාලුව” හදා ගන්න හැටි. “හත් මාලුව” එක් එක් පලාත් වල පිලියෙල කරගන්න විෂේශ අවස්ථාත් තියෙනවා. රජ රට නම් “මගුල් මෙසෙට” වරදින්නෙ නැහැ. කදු රට නම් ගොඩක්ම භාවිතා වෙන්නෙ ශාරීරිකව දුර්වල අයට හදන පොෂ්ය්‍යදායි ව්‍යංජනයක් විදියටයි.පහත රට මල ගෙදරක් උනාම හත් දවසේ දානෙට පිලියෙල කරනවාලු. ඒත් අපේ පැතිවල නම් ගොඩාක්ම මේ ව්‍යංජනය දකින්නෙ සිංහල අවුරුදු සමයෙ තමයි.. හරි. දන් අපි කොහොමද “හත් මලුව” ව්‍යංජනය සාදාගන්නෙ බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය වර්ග 7 – අමු කජු ගෙඩි 10-15ක්, වම්-බටු 2-3ක්, මෑ කරල් 5-6ක් (වෙනුවට බෝංචි යොදා ගන්නත් පුලුවන් ), පරිප්පු 50g පමණ, වට්ටක්කා දලු කොල 4-5ක් (වට්ටක්කා දලු හොයා ගන්න අපහසු නම් සරණ, තම්පලා හො නිවිති යොදා ගන්නත් පුලුවන්), කිරි අල 50g ක් පමන (අඩුවෙන් – උස්න අධික නිසා), කොස් ඇට 10 ක් පමණ

අනිකුත් අවශ්‍යය දේ… (රස කාරක )
රතු ලූනු ගෙඩි 5ක් පමණ, සුදු ලූනු බික් 2ක් පමන සිහින්ව ලියා ගන්න, අමු මිරිස් කරල් 3ක් පමන කැබලි වලට කපා ගන්න, කරපිංචා, රම්පෙ කොල කැබලි කීපයක්, කුරුදු පොතු කැබැල්ලක්, කහ කුඩු (තේ හැන්දි 1/4ක් පමණ), උලු හාල් ඇට ටිකක්, තුන-පහ කුඩු (තේ හැන්දක් පමණ), මිටි කිරි (කොප්පයක් පමණ), දිය කිරි (අවශ්‍ය පමණට)

මෙහෙමයි හදන්නේ
අමු කජු ගෙඩි වතුරේ දමා පොගවා කුරුට්ට ඉවත් කරගන්න. (අමු කජු හොයා ගන්න අපහසු නම් වියලි කජු වතුරේ පැය 2-3ක් පොගවා ගෙන වතුර බේරා ගන්න) වම් බටු අගල් 1/2ක් පමන පලලට හා අගල් 2ක් පමන දිගට කපා ගන්න.
මෑ කරල් වල නූල් ඉවත් කර අගලක පමන දිගට කැබලි වලට කඩා ගන්න.(පිහියෙන් කපනවාට වඩා අතින් කඩාගැනීම රස වැඩිවෙයි.) වට්ටක්කා දලු අගලක් පමන කැබලි වලට කඩා ගෙන, නොමේරු නැටි වල පිට පැත්තේ අති සිහින් සිවිය ඉවත් කරන්නකොස් ඇට තලා කුරුට්ට හා පොතු ඉවත් කර කැබලි වලට කඩා ගන්න කිරි අල පොත්ත ඉවත් කර හොදින් සොදා අගලක පමන ඝනකමට පෙති කපා නැවත මැදින් කපා ගන්න. පරිප්පු හොදින් සෝදා ගරා භාජනයකට දමා ගන්න. ඉන් පසු වට්ටක්කා දලු හා බටු හැර අනික් සියලුම එලවලු භාජනයට දමන්න. රතු ලූනු, සූදු ලූනු, කරපිංචා, රම්පෙ, තුන-පහ කුඩු, කහ කුඩු, උලු හාල්, කුරුදු පොතු දමා අවශ්‍ය ප්‍රමානයට ලුනු කුඩු දමන්න.

දැන්, අවශ්‍ය පමන දිය කිරි හෝ වතුර දමා මද ගින්නේ පියනකින් වසා පිස ගන්න.

අදක් තැම්බුන පසු කජු මද හා කොස් ඇට, වට්ටක්කා දලු හා බටු යොදා නැවත පිස ගන්න. වතුර ගතිය අඩු වී එලවලු තැම්බුන පසුව මිටි කිරි දමා දිය ගතිය අඩු වෙන තුරු හොදින් පිස ගන්න. ලිපෙන් බා ගෙන ලුනු ඇඹුල් බලන්න.

රස බොජුන් ඉගි….
පොල් ස්වල්පයක් මිරිස් ගලේ අබරා දැමීමෙනුත් රස තවත් වැඩි කර ගත හැක. අබ හා සුදු ලුනු අබරාගෙන ටිකක් යොදන්නේ නම් රස වැඩි කරගත හැක. තෙම්පරාදු කරන්නේ නම්, පොල් තෙල් රත් කොට, අබ ඇට පිපිරෙන තුරු දමන්න. ඉන් පසු එයට සිහින්ව ලියා ගත් සුදු ලූනු දමා රන් වන් පැහැ වෙන තුරු බදින්න. දැන් “හත් මලුව” එයට දමා තෙම්පරාදු කරගන්න. රසවත් වගේම හරිම ගුණ කෑමක්..

Previous articleදිනපතා පහන තිබ්බට බලන්නකෝ ඔයත් හරි විදිහට මේ වත් පිලිවෙත් ටික කරනවද කියලා… නිවැරදිව බුදු පහන තියන්නේ මෙහෙමයි !
Next articleපොලොස් කාලෙට හැමදාම එකම විදිහට පොලොස් හදන්නේ නැතුව මේවත් ට්‍රයි කරලා බලන්න. පොළොස්වලින් කට්ලට් හදන හැටි රෙසිපි එකත් එක්කම මෙන්න – ඔයාලත් හදලම බලන්න
error: Content is protected !!
Verified by MonsterInsights