ඇස්වලින් කියවෙන ඔබේ චරිත ලක්ෂණ ගැන මෙන්න හරියටම දැනගන්න..

ඇස්වලින් කියවෙන ඔබේ චරිත ලක්ෂණ ගැන මෙන්න හරියටම දැනගන්න..

 

 

ඇස්වලින් කතා කරනවා කියලා වචනයෙන් කියනවා අපි ගොඩක් වෙලාවට අහලා තියනවා නේද..?

අන්න ඒ වගේ ඇස්වලින් කතාකරන ඔබේ ඇස් ගැනයි මේ කියන්න යන්නේ..

දන්නවාද..? කෙනෙකුගේ ඇස්වලින් ඒ අය ගැන කියවෙනවා කියලා.. දේහ ලක්ෂණ විද්‍යාවේ දී ප්‍රමුඛ තැනක් හිමිවෙන්නේ ඇස්වලටයි.. ඇස්වල වර්ණය හා පිහිටීම අනුව ඔවුන්ගේ ගතිගුණ හා චරිත ලක්ෂණ පැවසීමට අපේ පැරැණි ඍෂිවරුන් සමත් වූ බව පැරණි පොත්වල සඳහන් වෙනවා..

පියකරු පෙනුමකින් යුත් නිල් පැහැයෙන් බබළන කාන්තිමත් නෙත් යුවලක් හිමි කාන්තාව සැබෑම වාසනාවන්තියක්.. විවාහ දිවියේ දී බොහෝ සැප සම්පත් විඳින ඇය සැමියාගේ ආදරය හා කරුණාව ද නොමඳව ලබනවා.. දිගු කාලයක් දිවි ගෙවීමේ වාසනාවද ඇයට හිමියි..

ඇස් යුවලේ කෙළවර රත් පැහැයෙන් යුක්තව කළු ඉංගිරියාව තද කළු පැහැයෙන් යුතු ඇස් පිහාටු සමානව දෙපසේම පිහිටා ඇති කාන්තාවෝද වාසනාවන්තියෝයි… කාගේත් ප්‍රශංසාවට ලක්වන ඇය තම පණ හා පතිදම් රකින්නියක් වෙනවා..

මුවැත්තියකගේ මෙත් නෙත් යුවලක් ඇත්තී දඟකාරයි.. කෙලිලොල් බවක් පෙන්වන්නීය. එහෙත් විශ්වාසයක් තැබිය හැකිවෙන්නේ නැහැ. අන් අය අතරදි තමන් පිළිබඳ වර්ණනා කිරීමට පෙලඹෙනවා… මුදල් උපයාගැනීමට වඩා වියදම් කිරීමට දක්ෂයි..

යම් කාන්තාවකගේ ඇස් ගිලී ගිය ස්වභාවයක් පෙන්නුම් කෙරේ නම් රත් පැහැයට හුරු වේ නම් නම් ඇගේ දුෂ්ට ගතිගුණ ඒ තුළින් හෙළිවෙනවා.. තමන් ගැනම පමණක් සිතන ඇය අන්‍යයන්ට උදව් උපකාර කිරීමටද අකමැතියි… තම සැමියාගේ දෙමාපියන්ට හා වැඩිහිටියන්ටද සැලකීමට අකමැති ඇය හැමවිටම කෝපාවිෂ්ඨ වී සිටින බවක් පෙන්වයි. කළු ඉංගිරියාවත් සමග සුදු පැහැයෙන් ඇස් පිහිටන්නේ වහා වෙනස්වන අදහස් ඇති නුවණින් අඩු ස්ත්‍රීන්ටයි.. ඉදිරියට නෙරන ලද ඇස් ඇත්තී වැන්දඹුවෙයි. තද නිල් වර්ණයෙන් යුත් ඇස් ඇති අය කඩිසර ලෙස වැඩෙහි යෙදෙන තමන්ගේ යුතුකම් නොපිරිහෙළා ඉටු කරනවා..

දුඹුරු වර්ණයෙන් යුත් ඇස් ඇත්තේ නම් ඔවුහු ළාමක අදහස්වලින් යුක්ත අතර සිත් ඇද ගන්නා ගුප්ත දේවල් ගැන උනන්දුවක් දක්වන්නෝ වෙනවා… කෙලින් බලා සිටීමට තරම් අපහසු තියුණු ඇස් ඇති කාන්තාවට නිර්භීත මෙන්ම වීර චරිතයක් සතුයි.. තම පරම්පරාව හා සැමියා කෙරෙහි ද අප්‍රමාණ වූ ගෞරවයකින් හා බැඳීමකින් ජීවත් වෙයි.. කිසිදා වරදෙහි නොබැඳේ..

දික් වූ නිල් පැහැයෙන් යුක්ත දෙනෙත් ඇති ස්ත්‍රිය දුෂ්චරිත ක්‍රියාවන්හි යෙදෙන අතර නපුරු ගතිගුණවලින් ද යුක්තය වන අතරම, සාමාන්‍යයෙන් පිටතට නෙරාගිය ඇස් ඇති කාන්තාව වටපිටාවේ අවබෝධය මෙන්ම යම් යම් දේවල් පිළිබඳ අවබෝධයක් ඇතිකර ගැනීමට උනන්දුවක් දක්වනවා… පහළට එල්ලෙන්නාක් මෙන් ඇස් ඇති අයද අපට දැකිය හැකියි.. ඔවුන් අන් අයගේ ඕපාදූප කියාපාමින් තමන් නිවැරැදි බව පවසන රහස් ප්‍රතිපත්ති ඇති අය වෙනවා

දකුණු ඇස අන්ධ වූ ස්ත්‍රිය බොහෝ දරුවන් ලබනවා.. වම් ඇස අන්ධ වූ ස්ත්‍රිය තම පුරුෂයා අතහැර පරපුරුෂයන් කරා යෑමට පෙලඹනවා.. මීවන් පිඟු සමාන ඇස් ඇත්තේ නම් ඇය සදා කල්හිම ධනයෙන් ආඪ්‍යව වෙසෙනවා.. ඇය තම ස්වාමියාගෙන් මෙන්ම දරු මුණුබුරන්ගෙන් ද පැසසුම් ලබමින් දිගු කලක් ජීවත්වෙනවා..

 

නීලවර්ණ ඇස් ඇති අය ශක්තිමත් පෞරුෂත්වයක් ඇති අය වන අතර ඔවුහු හුදෙකලා ජීවිතයට වැඩි කැමැත්තක් දක්වනවා..

ළා නිල්පාට ඇස් ඇති අයට ඇත්තේ නිතර වෙනස්වන අදහස් ඇති චරිතයක්.. වටකුරු ඇස් ඇත්තේ නම් ඇය ඇසුරු කරන්නන්ගේ සිත් දිනාගන්නා අතර තමන්ගේ කටයුතු කපටිකමින් කර ගැනීමට දක්ෂයි..

රක්ත වර්ණ ඇස් ඇති කතුන් කාමාධිකයි.. යම් අයෙකුට මහනෙල් පෙති ආකාර වූ කෙළවර වපර ගතියට හුරු නෙත් සඟලක් ඇත්නම් ඇය සියලු ඓශ්චර්යයෙන් පිරි අයෙක් වෙනවා… වපරවූ ඇස් ඇති ඇය වංක ගතියෙන් යුක්තයි..

කහපාටට හුරු ඇස් පිහිටන්නේ පාපිෂ්ට අදහස් ඇති අයටයි.. ඇසිපිය රෝම නැතිවීමෙන් ධන විනාශය පෙන්නුම් කරයි.. නිදිබර දෑස් හිමි අයද බොහෝ විට කාමුකයි.. නිල් පැහැයෙන් යුත් දේදුනු ආකාර වූ දෙනෙත් ඇති ස්ත්‍රියද රාගාධිකවෙයි.. කුඩා දෙනෙත් කපටි අයගේ වන අතර උකුස්සන්ගේ හා කුකුලන්ගේ ඇස්වලට සමාන ඇස්ද සමහරුන්ට පිහිටයි.. ඔවුහු කෲර ගති ලක්ෂණවලින් යුතු අන් අයගේ දේ උදුරා ගැනීමට තැත් කරන්නෝ වෙනවා.. තරමක් විශාල ඇස් ඇති අය උගත්කමින් මෙන්ම කඩිසරකමින් ද යුතු වෙනවා… පෙම් සබඳතා අඩු ඔවුන් නොයෙකුත් ශිල්ප ශාස්ත්‍ර හැදෑරීමට දක්ෂයෝ වෙනවා..

එක් එක් අයට අනන්‍යවූ දෙනෙත් මෙන්ම දෙනෙත් වටා ආවරණය වූ ලෙස පිහිටන ඇස් පිහාටුද විවිධාකාරයි.. යම් පුද්ගලයෙකුගේ ඇස් පිහාටු සිහින්ව කොටට පිහිටා ඇත්නම් එම තැනැත්තා හෝ තැනැත්තිය උද්‍යෝගිමත්.. උසස් ඉගෙනුමක්ද ලබයි..

 

ලෞකික සැප සම්පත්වලටද හිමිකම් ඇති අතර, තමාගේ වැඩ කටයුතු කෙසේ හෝ කරගැනීමට දක්ෂ වේ. ස්මරණ ශක්තියද ඒ හා සමානයි… අන් අය අතරේ කැපී පෙනෙයි.. ඇස් පිහාටු දික්ව පිහිටා ඇත්නම් ඔවුන්ගේ අදහස් විටින් විට වෙනස් වෙයි.. හැම විටම අන් අය කෙරෙහි සැකයෙන් ක්‍රියා කරයි.. කවුරු කුමක් කීවත් තමන්ගේ තීරණ වෙනස් නොකරයි.. වැරැදි තීරණ නිසා ඔවුන් බොහෝ පාඩු සිදුකර ගන්නවා..

කළු පැහැය ගත් සියුම් ඇස් පිහාටු ඝනව පිහිටා ඇත්නම් ඉතා සුබයු.. අන්‍යයන්ගේ සිත් ඇද බැඳ තබා ගැනීමේ හැකියාවන් සහිතයි.. ධන ධාන්‍යාදී සැප සම්පත්වලට උරුමකම් හිමියි..

අන්තර්ජාලය ඇසුරෙන්..

Uncategorized