Home Uncategorized වකුගඩුවල ගල් හටගෙන ඇති බවට හඟවන රෝග ලක්ෂණ…

වකුගඩුවල ගල් හටගෙන ඇති බවට හඟවන රෝග ලක්ෂණ…

0
488

 

 

අඩුවෙන් ජලය පානය කිරීමේ ප්‍රතිපලයක් විදිහට වකුගඩු වල ගල් ඇති වෙනවා. ගොඩක් දෙනෙකුට මේ තත්වය ඇති වෙනවා.

වකුගඩු ආශ්‍රිතව ගල් ඇති වීමේ අවදානම කාන්තාවන්ට වඩා පිරිමි අයට වැඩියි.

මෙහිදී වකුගඩුවේ සිට මූත්‍රා මාර්ගයේ කුඩා ගැටිති ස්වභාවයක් ලෙස මතු වන අතර එම ගැටිති සාමාන්‍ය මූත්‍රා බැහැර වීමේ ක්‍රියාවලියේදී මූත්‍රා සමඟ ගසාගෙන යන අතර ප්‍රමාණයෙන් විශාල කැටිති වකුගඩුවේ ඉතිරි වෙනවා.

එහෙම කාලයක් තිස්සේ එකතුවෙලා විශාල ගල් බවට පත්වෙනවා. එතකොට මූත්‍රා මාර්ගය අවහිර කරමින් දැඩි අපහසුතා ඇති කරනවා.

ඔබටත් වකුගඩු වල ගල් ඇතිවෙලා තියෙනවා නම් මෙන්න මේ රෝග ලක්ෂණ පහළ වෙනවා.

අධික වේදනාව-කැක්කුම
? උදරය, කොන්ද සහ ශ්‍රෝණි ප්‍රදේශය ආශ්‍රිතව තියුණු වේදනාව.
? මෙය සිදුවන්නේ ගල් එහාමෙහා චලනය වීමේදී සහ ඒවා ප‍ටු මූත්‍රා නාළය තුල සිරවි ගොස් වකුගඩු වලට එල්ලකරන දැඩි පීඩනය නිසායි.

මූත්‍රා පිටවීම් ආශ්‍රිත වෙනස්කම්
? වකුගඩු ගල් චලනය වෙමින් මූත්‍රාශය වෙත ගමන් කල විට නිතර මූත්‍රා පහ කිරීමේ අවශ්‍යතාව දැඩිව දැනෙනවා.
? මූත්‍රා පහකරන විට දැඩි වේදනාවක් සහ දැවිල්ල ඇතිවීම
? පිටවන මූත්‍රා ප්‍රමාණය අඩුවීම සිදුවිය හැකියි. ඒ, මූත්‍රා නාළය තුල එක් ‍රැස් වී තිබෙන මූත්‍රා ගල් නිසයි. ඒවා හේතුවෙන් මූත්‍රා ප්‍රවාහය බැහැර වීම සම්පූර්ණයෙන්ම අවහිර වී යාම පවා සිදුවිය හැකියි.
? මූත්‍රා සමඟ රුධිරය පිටවීම.
? මූත්‍රා අධික දුර්ගන්ධයකින් යුක්ත වීම. මෙය ඔබේ වකුගඩු තුල යම් ආසාදන තත්වයක් හටගෙන ඇති බවට අඟවන රෝග ලක්ෂණයක් (මූත්‍රා අධික පෙණ සහිත අපැහැදිලි ස්වභාවයක් ගෙන තිබීම ද එවැනි තවත් ලක්ෂණයකි).

වෙවුලීම සහ උණ ගතිය
? සිරුරේ අධික උෂ්ණත්වයක් පැවතීම. වමනය
? වමනය සහ නිතර ඔක්කාරය ගතියක් දැනීම.
? මීට හේතුව නම් ආමාශයික-ආන්ත්‍රික මාර්ගය සහ වකුගඩු අතර ඇත්තේ සමගාමී ස්නායු සබඳතාව නිසා සිරුරේ හටගන්නා දැඩි වේදනාකාරි ස්වභාවයේ ප්‍රතිඵලයක්. සිරුරේ අප්‍රාණිකබවක් දැනීම (අධික වෙහෙසකරබව)
? වකුගඩු වල ගල් හටගැනීම නිසා වකුගඩු ක්‍රියාකාරීත්වය අකර්මන්‍ය වීම සිදු වෙනවා.
? මේ හේතුවෙන් සිරුර තුල විෂ අපද්‍රව්‍ය බැහැර නොවී එක් ‍රැස් වීමට පටන් ගන්නවා. ඒ නිසා අසාමාන්‍ය ලෙස සිරුරට අධික වෙහෙසක් දැනීම, සිරුරේ දැඩි වේදනාවක්, කැක්කුම් ස්වභාවයක් දැනෙන්න පුළුවන්.
උපුටා ගැනීමක්

Previous articleඇස්වලින් කියවෙන ඔබේ චරිත ලක්ෂණ ගැන මෙන්න හරියටම දැනගන්න..
Next articleඔයත් කෙසෙල් ලෙලි විසි කරනවා නේද ? මේක දැනගත්තා නම් ආයේ කවදාවත් කෙසෙල් කාලා නිකන්ම කෙසෙල් ලෙල්ල විසි කරන එකක් නැ…
error: Content is protected !!
Verified by MonsterInsights