දැන් හැමෝම දන්නවා මෑතකදි පනවපු මුදල් නෝට්ටු විකෘති කිරීමට එරෙහි පනත ගැන. ඒ පනතෙන් යම් යම් දේවල් ලියපු මුදල් නෝට්ටු ගනුදෙනු වලදි වලංගු නැති බව ප්‍රකාශ කරලා තියෙනවා. ඒක ඇත්තෙන්ම ගොඩක් හොඳ දෙයක්.
නමුත් ඔබ සතුව තිබෙන මුදල් නෝට්ටුවකත් පෑනකින් මොනා හරි ලියලා තියෙනවා නම් ඒක දැන් අවලංගු නෝටුටවක් වෙලා අවසානයි. රු 20 ක් 50 ක් නම් හිත හදාගන්න පුලවන් උනාට රු1000 ක් 5000 ක් වගේ නං ඒක තමන්ටත් ලොකු පාඩුවක්.
එහෙම වෙලා තියෙන අයට මේක එක වැදගත් වේවි කියලා හිතලයි අද මේ post එක මම දාන්නෙ. කාබන් පෑන් ඉරි ඇඳිලා තියෙන මුදල් නෝට්ටු තියෙන අය මේක උත්සහ කරලා බලන්න..
ගෙදර දොරේ තියෙන පොඩි පොඩි දේවල් ටිකක් යොදාගෙන Carbon Ink අයින් කරගන්න ක්‍රම 3ක් මම කියන්නම්.
Acetone
මේ acetone කියන chemical එක carban පෑන් ඉරි මකන්න යොදාගන්න පුලුවන්. මේක හොයාගන්න බැරි කෙනෙකුට Nail Polish Remover එකක් යොදාගෙන පෑන් ඉරි ටික මකලා දාන්න පුලුවන්. Nail Polish Remover එකේ acetone අඩංගු වෙනවා. පුලුං ටිකකට මේ acetone දාලා පිහදාපුවහම පෑන් ඉරි ඉවත් වෙලා යනවා. කලු පාට තින්ත වලට වඩා නිල් පාට තින්ත ඉරි පහසුවෙන් ඉවත් වෙනවා. මේක තමයි හොඳම ක්‍රමය.
Alcohol
Nail Polish Remover නැති අයට පෑන් ඉරි ඉවත් කරන්න Isopropyl Alcohol වර්ගයක් යොදාගන්න. ඒ කියන්නෙ සර්ජිකල් ස්ප්‍රීට් එකත් මේ වැඩේට හරියනවා. කලින් කියපු විදිහටම තමයි Use කරන්න තියෙන්නෙ. මේකත් සාර්ථක ක්‍රමයක්.
Lime Juice
ඉහලින් කියපු දේවල් දෙකම හොයාගන්න බැරි කෙනෙකුට දෙහි යුෂ ටිකක් යොදාගෙනත් කලින් කියපු විදිහට භාවිත කරලා පෑන් ඉරි මකාගන්න පුලුවන්. මේ ක්‍රමය අනික් ක්‍රම දෙක තරම් කාර්යක්ෂම නැති උනත් මේකත් Shapement එකක් දාගන්න ප්‍රමාණවත්.
රු 1000 ක 5000 ක වගේ ඉරි ඇදිලා නං Shop එකකින් හරි acetone එකක් අරගෙන ඉරි ටික මකාගත්තත් පාඩුවක් නම් නෑ. මේ කියපු ක්‍රමය සල්ලි වල විතරක් නෙවේ කඩදාසි වල උනත් ඇදිලා තියෙන ඕනම පෑන් ඉරක් මකන්න ගන්න පුලුවන්. දෙහි යුෂ නැතිව අනිත් chemical දෙකම ගිනිගන්නා සුළු නිසා පරිස්සමට Use කරන්න.
තව කෙනෙක්ට උදව්වක් වශයෙන් share කර දැනුවත් කරන්න.