සජිතගෙන් ඉඟියක්.. ඔහු මේ කියන්නේ මෙදා ඇසෙන ඒ සුබ පණිවිඩය ගැනද..?

සජිතගෙන් ඉඟියක්.. ඔහු මේ කියන්නේ මෙදා ඇසෙන ඒ සුබ පණිවිඩය ගැනද..?

 

පවුලක් ලස්සන වෙන්න සිඟිති කිරි සිනාවක් තියෙන්නම ඕන.

ඕනෑම යුවලකගේ ලස්සනම ලස්සන හීනයක් නේ ඒක.

සජිත අනුත්තර වගේම බුවිනිකා. ඒ දෙන්නාගේ පවුල තවත් කිරි සිනහවකින් සරසාගන්න මේ දවස්වල ඇඟිලි ගනිමින් ඉන්නවා.

ඔන්න ඉතින් ඒ දෙන්නාගේ ලෝකය මේ වතාවේ හැඩකරන්න එන්නේ පුංචි මැණික දුවෙක්ද, පුතෙක්ද.? තාත්තලා නම් කොහොමත් ඉතින් කැමති දූලට නේ. අම්මලා පුතාලාට. ඒ කතා එහෙම තියනකොට සජිත මේ එක්කළ ඡායාරූපය ඒ ගැන ඉඟියක්ද.?

මේ දෙන්නාට ආදරය කරන ඔබට එහෙම හිතෙන්නත් පුළුවන්. එහෙනම් ඉතින් අපිත් ආදරයෙන් බලාගෙන ඉමු. සජිතගේ ආදරණීය කැදැල්ල දැන් සරසන්න සූදානම් වෙන්නේ දුවෙක්ද, පුතෙක්ද කියන එක.

 

Local Gossip