Home Uncategorized දියවැඩියාව සුවකරගන්න… බණ්ඩක්කා වතුර මෙහෙම බීලා බලන්න…

දියවැඩියාව සුවකරගන්න… බණ්ඩක්කා වතුර මෙහෙම බීලා බලන්න…

0
225

 

බණ්ඩක්කා යනු සෞඛ්‍යය ප්‍රතිලාභ රැසක් ඇති එළවළුවක්.

විටමින් A, B, C, E සහ පොටෑසියම්,කැල්සියම්, මැග්නීසියම්, යකඩ සහ සින්ක් වැනි ඛනිජ බණ්ඩක්කා තුළ අන්තර්ගතයි. බණ්ඩක්කා වලින් අප ශරීරයට කෙරෙන කාර්යයන් රාශියක් තිබෙනවා.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම
බණ්ඩක්කා ප්‍රතිඔක්සිකාරක වලින් සහ විටමින් C වලින් පොහොසත්. ඒ නිසා ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සිදු කරනවා. එලෙසම බාහිරෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය විනාශ කිරීමට ශරීරයට ඇතුළුවන අහිතකර සංඝටකයන් සමග සටන් වැදීමට සුදු රුධිර සෛල නිෂ්පාදනය කිරීමද සිදු කරනවා.

ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රමවත් කිරීම
ඔබේ ආහාර වේල සඳහා බණ්ඩක්කා එක්කර ගැනීම මගින් ශරීරයට වැඩි තන්තු ප්‍රමාණයක් එක්කර ගන්නට පුළුවන්. බණ්ඩක්කා සතු තන්තු මගින් ආහාර ජීර්ණ පද්ධතිය හරහා ආහාර ක්‍රමවත්ව ගමන් කරවීම සිදු කරනවා. එලෙසම මලපහ පිටවීමද ක්‍රමවත් කර උදරය පිපීම, උදර මාංශ පේශී පෙරලීම, මලබද්ධය සහ උදරයේ ගෑස් ඇතිවීමේ වැනි උදරාශ්‍රිත ආභාද රැසකින් අපව ආරක්‍ෂා කර පාචනයෙන් සහ අධික කොලෙස්ටරෝල් මට්ටමෙන් පවා අපව ආරක්‍ෂා කරනු ලබනවා.

පෙනීම් වර්ධනය කිරීම
බණ්ඩක්කා සතු විටමින් A සහ “lutein”, “xanthene” සහ “beta carotenes” වැනි ප්‍රතිඔක්සිකාරක සංඝටකයන් මගින් පෙනීමට බාධා ඇති වන ආකාරයෙන් ශරීරයේ සෛල වලට හානි කරන ව්‍යාදිජනකයින් අඩපණ කිරීම සිදු කරනවා. දිනපතා බණ්ඩක්කා ආහාරයට ගැනීමෙන් “cataracts” සහ නාභිගත ගැටළු ඇතිවීම වැළකෙනවා.

රුධිර පීඩනය නියාමනය කිරීම සහ හදවත් සෞඛ්‍යය රැක ගැනීම
බණ්ඩක්කා සතු විටමින් සහ ඛනිජ මෙන්ම අධික පොටෑසියම් නිසා හදවත් සෞඛ්‍යය නිසි ලෙස ආරක්‍ෂා වනවා. පොටෑසියම් මගින් ශරීරයේ සෝඩියම් ප්‍රමාණය සහ තරලයන් නිසි ලෙස සමබර කර ශරීරයේ රුධිර නාලිකා සහ ධමනි ලිහිල් කර රුධිර පීඩනය පාලනය කර හදවත් සෞඛ්‍යය වර්ධනය කිරීම සිදු කරනවා.

සම සෞඛ්‍යය සම්පන්න කිරීම
බණ්ඩක්කා ආහාරයට ගැනීම මගින් සමේ ඇතිවන තුවාල සුවපත්වීමේ වේගය වැඩිවීම සහ සම සෞඛ්‍යය සම්පන්න වීම සිදු වනවා. එමෙන්ම, සමේ කැළැල් මැකීම, කුරුලෑ සහ සම රැළි වැටීම පවා වළක්වනවා. මෙවන් සෞඛ්‍යය ප්‍රතිලාභ අපට අත්වන්නේ බණ්ඩක්කා තුල අඩංගු වන ප්‍රභල ප්‍රතිඔක්සිකාරක බලය නිසයි.

දියවැඩියාව සඳහා ප්‍රත්‍යක්ෂ ම බෙහෙතක් ලෙස බණ්ඩක්කා ඉන්දියානුවන් විසින් සලකනු ලබනවා
ඔවුන් රුධිරගත සීනි මට්ටම පහල දැමීම සඳහා උදැසන බණ්ඩක්කා දැමු වතුර පානය කරනවා. රාත්‍රී කාලයේදී බණ්ඩක්කා කරල් දෙකක් පමණ ගෙන එය කපා වතුර වීදුරුවක දමා එලි වනතුරු තබන්න. උදෑසන බණ්ඩක්කා ආහාරයට ගෙන වතුර මිශ්‍රණය පානය කරන්න. මේ සුව ප්‍රතිලාභ සියල්ල ඔබට ලැබේවි.
උපුටා ගැනීම – අන්තර්ජාලයෙන්

Previous articleපි|ලි.කා සුව කරන නිරෝගී දිවියකට ගුණ දෙන අනෝදා වල ඇති විශ්මිත ගුණ මෙන්න
Next article“දුව හෙල්මට් දාලා හිටියේ නෑ… වෑන් එකේ වැදිලා අපි දෙන්නා විසි වුණා” – බඳ­ගි­රියේ අන­තුරින් මිය­ගිය කොළඹ සර­ස­වියේ නෙත්මි ප්‍රබෝ­ධා ගැන ඇහෙන සංවේදී කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights