Home Uncategorized ඔයා ඉපදුණු දවස මතකද ? උපන් දවසෙන් හෙළිවන විශ්මිත ජීවන තොරතුරු ටිකක්...

ඔයා ඉපදුණු දවස මතකද ? උපන් දවසෙන් හෙළිවන විශ්මිත ජීවන තොරතුරු ටිකක් දැනගන්න කැමතිද ?

0
124

 

ඔබ උපන් දවස අනුව ඔබේ ජිවිතය ගැන කියන්නට හැකි බව ඔබ දන්නවද ? වසර දහස් ගණනක් පුරා පැවත එන ජෝතිෂයට අනුව අද මේ ලිපියෙන් විමසා බලන්න හදන්නේ අන්න ඒ ගැනයි…

ඉතිං උපන් දිනයෙන් හෙළිවන විස්මිත ජීවන තොරතුරු ,පලාපල ගැන බලමු…

ඉරිදා :

මෙදින උපන් අයගේ ශරීරය මද රන් පැහැයෙන් යුතු වන අතර ඔවුන්ගේ හිසකෙස් රැලි සහිතයි. බුද්ධිමත් භාවයෙන් යුතුවන ඔවුන් ගුණයහපත්කමින්ද අඩුවක් නැී. දැඩි අධිෂ්ඨාන ශක්තියක් ඇති අතර ඔවුන් ආරම්භ කරන හැම කාර්යයකින්ම සාර්ථක ප්‍රතිඵල උදාකරගන්නවා. පිත් අධික ශරීරයක් හිමියි. ආත්මාර්ථකාමිත්වයෙන් යුතුයි. මෙදින උපන් කාන්තාවෝද එඩිතර වන අය වන අතර පිරිමි අය පවා යටත් කර තම අණසක පැතිරවීමට සමත්. සියලු අභියෝගයන් ජයගන්නවා…

සඳුදා :

මෙදින ඔබ ඉපදුනේ සඳුදාවක රාත්‍රියේ නම් ඔබ ඉතා වාසනාවන්තයි. අවපක්ෂයේ රාත්‍රී කාලයේ නම් ඔබේ සිතේ ඇති සතුටට විටින් විට බාධා පැමිණෙනවා. මෙදින උපන් අය සුදු වස්ත්‍ර රෙදිපිළිවලට වැඩි කැමැත්තක් දක්වනවා. පරාර්ථකාමිත්වයෙන් යුතු ඔවුහු තමාගේ බත් පත වුවද අන් අයට පරිත්‍යාග කිරීමට මැලි නොවේ. මෙලොව පරලොව දෙකටම මග හෙළිකර ගන්නා සුගතිගාමි කෙනෙක් වෙයි. එදින උපන් කාන්තාවෝ ධර්මයට අනුව තම ජීවිතය සකස් කරගන්නවා. තමාට ලැඛෙන ස්වාමි පුරුෂයාට ඉමහත් ආදරයක්, භක්තියක් දක්වනවා.

අගහරුවාදා :

මෙදින උපන් අයගේ ශරීරය වඩා උස නොවේ. වයසට ගියත් තරුණ පෙනුමක් පෙන්නුම් කරයි. අහංකාර සිත් ඇත්තෙක් වෙයි. දුෂ්ටකම් හා පාපී කටයුතුවලට වඩාත් නැඹුරු වෙනවා. අනිත් අයට අණදීමට වැඩි කැමැත්තක් දක්වන අතර කිසිම අයෙකුට රැවටිය හැකිද කෙනෙක් නෙමෙයි… එදින උපන් කාන්තාවෝ ද අන්‍යයන් ආකර්ෂණය කරගත හැකි ශාරීරික ස්වරූපයක් පෙන්නුම් කරන අතර කා සමගත් සුහදශීලීව කටයුතු කරනවා…

බදාදා :

නිතරම සිනහ මුසු මුහුණින් කල්ගත කරනවා. බුද්ධිමත් කාරුණික අයවන අතර නව සොයා ගැනීම්වලට උනන්දු වෙනවා. වෛද්‍ය, කලාශිල්ප, පොත්පත් ලිවීම ආදියට දක්ෂකමක් පෙන්වනවා. භක්තිමත් වන අතර සත්‍යවාදීයි. පරෝපකාරයට ලැදි ඇත්තෙක්. ව්‍යාපාරික කටයුතු පිළිබඳවද දක්ෂතාවයක් දක්වනවා. බදාදා උපන් කාන්තාවෝද පරිත්‍යාගශිලී අය වෙනවා. අන් අය වශීකරන්නාවු හඩකින් යුක්තයි…

බ්‍රහස්පතින්දා :

උසට සරිලන ශරීරයක් හිමියි. ඔවුන්ගේ නෙත් පිගුවන් වර්ණයෙන් යුතුවන අතර හිසකෙස් කාලවර්ණයි. ධනයෙන් පිරිපුන් සැපවත් ජීවිතයක් ගත කිරීමේ වාසනාව ඇත. ධනවත්කම උපතින්ම ලැබූ බුද්ධිමතෙකු වේ. මසුරුකමින් යුතු මෙදවස උපන් අය අන් අයගේ දුකට පිහිට නොවෙයි. මෙදින උපන් කාන්තාවෝ ශී්‍ර සද්ධර්මයට ගරු කරන භාග්‍යවන්තියෝ වෙනවා. එමෙන්ම දේශීය සිරිත් විරිත්වලට ගරු කරනවා. වාසනාවන්ත දරු සම්පත් ලබාදෙනවා.

සිකුරාදා :

මෙදින උපන් අය පැහැපත් සිරුරකට හිමිකම් කියයි. නෙත් දිගය මුහුණ පළල් ගතියක් පෙන්නුම් කරයි. සෙම් අධික ශරීරයක් හිමියි. ඔවුන් ජ්‍යොතිෂ්‍යයට දක්ෂතාවයක් තිබෙනවා. නාට්‍ය, චිත්‍රකලාව, සංගීතය ආදී විෂයන් ප්‍රගුණ කරන්නෙක් වෙයි. පරිත්‍යාගශීලී ගුණයෙන් යුතුයි. මෙදින උපන් කාන්තාවෝද රූමත්. ජීවිතය සැප සම්පතින් පිරීයන අතර හැමවිට සතුටින් කල් ගෙවනවා. එමෙන්ම මිනිස් ගුණධර්මවලින් පෝෂිත වූ පින් වන්තියෝ. මේ අනුව සිකුරාදා උපන් කාන්තාවෝ උතුම්වූ පංච කල්‍යාණයෙන්ද යුක්තවූ පතිදම් රකින සුන්දර ලලනාවක් වෙනවා.

සෙනසුරාදා :

මෙදින උපන් අය බොහෝ විට අතපය සිහින් දුර්වල ශරීරයක් ඇති අයවෙයි. බන්දු විරෝදී, කායික මානසික, පීඩාවලින් තැවෙන නිතර බාහිර ප්‍රශ්නවලට මුහුණදෙන අය වෙයි. සුවනොවන කල්ගිය රෝග මොවුන්ට පීඩා ගෙන දෙනවා. මෙදින උපන් කාන්තාවෝදා කටුක අත්දැකීම් ලබනවා. කෙසේ හෝ තම ජීවිතය ගෙනයයි. බොහෝ විට ධර්මයේ පිහිට පතයි. කෙසේ වූවත් දුක සැප ඛෙදාගනිමින් තම සැමියා සමග සහයෝගයෙන් දිවිගෙවීමට ඔවුන් සමත් වන්නෝ වෙනවා.

 

උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි
by TaboolaSponsored Links
You May Like

Previous articleඇගේ ලස්සන වැඩියෙන්ම පේන්නේ මෙන්න මේ විදිහට නේද..? සුරූපී දමිළ මනාලියක් ලෙස හැඩවුණු අංජලී..
Next articleඇල්ලේ අනතුරෙන් සතියකට වැඩි කාලයක් ජීවත්වීමට සටන් කල ඇයට අත්වූ සංවේදී ඉරණමක්..! ජීවිතයෙන් සමුගත් නාමලි ගැන ඇසෙන කතාව මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights