Home Uncategorized වකුගඩු වල ගල් ඇති වෙන එක නැත්තටම නැති කරන රාබු සතියට පාරක්වත්...

වකුගඩු වල ගල් ඇති වෙන එක නැත්තටම නැති කරන රාබු සතියට පාරක්වත් කන්න කියන්නේ මෙන්න මේ නිසා

0
64

 

රාබු කීවම කන්න කැමති අය ඉන්නෙ අතලොස්සයි.. වැඩි ජන්දෙ එන්නෙ නොකන පැත්තට.

හැබැයි රාබු කියන්නෙ මාර ගුණ කෑමක්…

රාබු නොකන ගොඩේ තමා මාත් ඉස්සර හිටියෙ. රාබු කෑවම පොඩ්ඩක් ගඳ නිසා කට්ටිය රාබු නොකා ඉන්නවා..

රාබු පොඩ්ඩක් උෂ්න කෑමක්.නමුත් අපේ මුලු ශරීරයටම ගොඩක් ගුණදායක කෑමක්.

රාබු සතියකට පාරක් වත් කන එකෙන්

අපේ මුත්‍රා පිරිසිදුවෙනවා.
වකුගඩු පිරිසිදු වෙනවා..
හොඳින් මුත්‍රා පිට වෙනවා
වකුගඩු රෝග ඇතිවීම පාලනය වෙනවා..
වකුගඩු වල ගල්, මුත්‍රා ගල් ඇතිවීම පාලනය වෙනවා.
මුත්‍රා ආසාදන, මුත්‍රා දැවිල්ල වගෙ තත්ව ඇතිවෙන්නෙ නෑ..

කොටින්ම කීවොත් අපේ වකුගඩු ආශ්‍රිත , මුත්‍රාශය, මේ කොටස් වල නීරෝගී පැවැත්මට රාබු කියන්නෙ හොඳ ම කෑමක්..

ඔය මොකක් කීවත් මේක රහ නැත්තම් කන්නෙ නෑනෙ…

මේ සලාදෙ නම් රාබු කොලත් තියනවා.

නැත්තම් රාබු විතරක් අරන් කෑලි කපලා ඒකට ලුණු කුඩු පොඩ්ඩක් ඉහලා, ගම්මිරිස් පොඩ්ඩක් දාලා, කැමති නම් දෙහි බිංදු දෙකක් දාලා, රතු ලූණු ගෙඩි දෙක තුනක් කපලා, අමු මිරිස් කරලක් කපලා දැම්මා ම ඒ සලාදය නිකන් උනත් කන්න පුළුවන් කම තියනවා..

කන්න ආසා නැති රාබු නිකනුත් කන්න ආසා ගානට හදාගන්නෙ එහෙම..
උපුටා ගැනීම – අන්තර්ජාලයෙන්

Previous articleරටක්ම පිස්සු වට්ටපු එයා… බලන්නකෝ මේ කොහෙද ගිහින් තියෙන්නේ කියලා…
Next article“මම තරම් ජීවිතේ ප්‍රශ්නවලට මුහුණ දුන්නු කෙනෙක් මෙහෙම දෙයක් කළා කියන්නේ ඇත්තටම Achievement එකක්..” පෙර පිනකට ඇයට ලැබුණු දරුවෝ ගැන කියා සුජීවා සංවේදී වෙයි..
error: Content is protected !!
Verified by MonsterInsights