Home ක්‍රීඩා පුවත් තාත්තාගේ ලොකුම ආශාව සිත දරන් දිවයිනෙන් පිටව ගිය දුනිත් වෙල්ලාලගේ ප්‍රථම වරට...

තාත්තාගේ ලොකුම ආශාව සිත දරන් දිවයිනෙන් පිටව ගිය දුනිත් වෙල්ලාලගේ ප්‍රථම වරට මාධ්‍යයට කී ඒ සංවේදී කතාව

0
110

 

 

තම පියාගේ එකම ආශාව වී තිබුණේ තමන් දක්ෂ ක්‍රීඩකයෙක් වී ශ්‍රී ලංකාව නියෝජනය කිරීම බවත්, එම ආශාව නිසැක ලෙසම ඉෂ්ට කරන බව යොවුන් ක්‍රිකට් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ පවසයි.

පියාගේ හදිසි වියෝව හේතුවෙන් ආසියානු කුසලානය අතරතුර දී දිවයිනට පැමිණි දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් එක්වීම සඳහා අද (20) අලුයම දිවයිනෙන් පිටත්ව යාමට පෙර මේ බව පැවසීය.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ දුනිත්,

“පොඩිකාලයේ ඉදන්ම තාත්තගෙන් ලොකු සහයෝගයක් ලැබුණා. එයාගේ එකම ආසාව මම හොඳ ක්‍රීඩකයෙක් වෙලා රට වෙනුවෙන් ක්‍රීඩාකරන එක. ඒ ආශාව මම අනිවාර්යයෙන් ඉෂ්ට කරනවා.

ආසියානු කුසලානයේ අපට තව තරග තියෙනවා. මම මගේ කණ්ඩායමට 100%ක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

සනත් සර් වගේම නායක චරිත් අයියා ඇතුළු කණ්ඩායම මෙන්ම ලංකාවේ ඉන්න සියලු දෙනාගෙන්ම මට ලොකු සහයෝගයක් ලැබුණා. ඒක මට ලොකු හයියක්. ඒ නිසා ස්තූතිවන්ත වෙනවා මේ වගේ තත්ත්වයක ඉන්න මට හයියක් වූ එක ගැන.

පොඩි කාලයේ ඉදන් මගේ ක්‍රිකට් වෙනුවෙන් තාත්තා උදේ ඉදන් රෑ වෙනකම් මගේ පස්සෙන්ම හිටියා. ඒ කැපකිරීම නිසා තමයි මම අද රට නියෝජනය කරන්නේ. තාත්තාගේ ආශාවල් මම දන්නවා. එයා වෙනුවෙන් ඒ සියල්ල ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවා”යැයි පැවසීය.

Previous articleසිය පියාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් අනතුරුව යුතුකම් ඉටු කරන්න දුනිත් ඩුබායි දේශයට…
Next articleඔහුගේ වියෝවට හේතුව රූගතකිරීම අතරතුර සිදුවුණු හදිසි අනතුරද..? සියල්ලන්ගේම නෙතට කඳුළක් එක්කරමින් රංගන ශිල්පියෙන් ජීවිතයෙන් සමුගනී..
error: Content is protected !!
Verified by MonsterInsights