ට්‍රම්ප්ගේ AI ඩිනර් එකේ වාඩි වූ ලංකාවේ උපන් බිලියනපතියා ගැන ඔබ නොඇසූ පුදුම හිතෙන කතාවක් මෙන්න

ට්‍රම්ප්ගේ AI ඩිනර් එකේ වාඩි වූ ලංකාවේ උපන් බිලියනපතියා ගැන ඔබ නොඇසූ පුදුම හිතෙන කතාවක් මෙන්න

 

 

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ධවල මන්දිරයේදී කෘත්‍රිම බුද්ධි (AI)වැඩසටහනකට අදාළව තාක්ෂණික දැවැන්තයන් වෙත පැවැත්වූ රාත්‍රි භෝජන සංග්‍රහයට ශ්‍රී ලංකාවේ උපන් ලෝක ප්‍රකට තාක්ෂණ ක්ෂේත්‍රයේ ව්‍යවසායකයකු වන චමත් පලිහපිටිය ද සහභාගි වී තිබෙනවා.

එරට වාර්තා පවසන්නේ, මයික්‍රොසොෆ්ට් සම-නිර්මාතෘ බිල්ගේට්ස්, ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ටිම් කුක්, මේටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි මාර්ක් සකර්බර්ග්, OpenAI ප්‍රධාන විධායක නිලධාරී සෑම් ඔල්ට්මන්, Google ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිච්චෙයි ඇතුළු තාක්ෂණ ක්ෂේත්‍රයේ නායකයන් ගණනාවක් මීට සහභාගි වූ බවයි.

කෙසේවෙතත් ට්‍රම්ප් සමඟ මේ වනවිට පවතින විරසකය හේතුවෙන් ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ වරක් ට්‍රම්ප්ගේ ධවල මන්දිරයේ DOGE කාර්යාලයේ ප්‍රධානියකු වූ එලොන් මස්ක් මීට සහභාගී වී නැහැ.

ධවල මන්දිරයේ භෝජන සංග්‍රහ, උත්සව ආදිය පැවැත්වෙන රෝස උද්‍යානයේ මෙම රාත්‍රි භෝජන සංග්‍රහය ද පැවැත්වුණා.

තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයකු ලෙස මෙම අවස්ථාවට ඇරයුම් ලද සමාජ ප්‍රාග්ධන නිර්මාතෘ, ප්‍රධාන විධායක නිලධාරි සහ ‘ඕල්-ඉන්’ පොඩ්කාස්ට් හි සාමාජිකයකු වන 49 හැවිරිදි චමත් පලිහපිටිය ශ්‍රී ලංකාවේ ඉපිද කැනඩාවට සංක්‍රමණය වී පසුව අමෙරිකාවේ පදිංචි වූ කැනේඩියානු-අමෙරිකානුවෙක්. ඔහු කලක් මාර්ක් සකර්බර්ගගේ ආරාධනයෙන් ෆේස්බුක් සමාගමේද ජ්‍යෙෂ්ඨ විධායකයකු ලෙස කටයුතු කළා.

තාක්ෂණ ක්ෂේත්‍රයේ දැවැන්තයකු ලෙස ප්‍රකට චමත් ප්‍රාග්ධන සැපයුම්කරුවකු සහ ව්‍යවසායකයකු ලෙස නමක් දිනාගත් බිලියනපතියෙක්. 2023 වනවිට චමත්ගේ වත්කම දළ වශයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 4ක් ඉක්මවූවා. චමත් අවසන් වරට ධවල මන්දිරයට ගියේ ගෙවුණු මාර්තු මාසයේදීයි.

මෙහිදී තාක්ෂණ දැවැන්තයන්, ට්‍රම්ප් පරිපාලනයෙන් පසුව අමෙරිකාවේ සිදුවන වෙනස සම්බන්ධයෙන් ප්‍රශංසා කර තිබෙනවා.

AI අධ්‍යාපන කාර්ය සාධක බළකායේ හමුව පෙරදිනයේදී ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ඒ සඳහා Google සහ OpenAI හි ඉහළ විධායක නිලධාරීන් සහභාගී වී තිබූ බවයි එරට වාර්තා පැවසුවේ.

අමෙරිකාවේ AI අධ්‍යාපනය සහ AI අධ්‍යාපන කාර්ය සාධක බළකාය වෙනුවෙන් Google සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 150ක් වෙන් කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

 

World Gossip