Home Uncategorized ඇවිදින විට කකුල්වල වේදනාව, දහඩිය දැමීම, පපුවේ වේදනාව හා පිපාසය… මේ ලක්ෂණ...

ඇවිදින විට කකුල්වල වේදනාව, දහඩිය දැමීම, පපුවේ වේදනාව හා පිපාසය… මේ ලක්ෂණ පෙන්නුම් කරනවා නම් ඔබ දැනටමත් කොලෙස්ටරෝල් අවදානමට ලක්වෙලා…

0
87

 

 

කොලෙස්ටරෝල් කියන වචනේ අද වෙනකොට හැමෝගෙම කටට හොඳට හුරු වෙලා.

ඒ තරමටම ගොඩාක් දෙනක් කොලෙස්ටරෝල් රෝගයට ගොදුරු වෙලා. මේ තත්ත්වය ඇති වෙන්න හේතුව මොකද්ද කියන එක නම් ඔයා හොඳටම දන්නවා.

මේදය කියන්නේ අපේ ශරීරයේ පැවැත්මට අවශ්‍ය මූලික සංඝටක වලින් එකක්. හැම සෛලයකම ක්‍රියාකාරිත්වය නිසි පරිදි පවත්වාගෙන යන්න මේදය අවශ්‍ය වෙනවා.

නමුත් ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ මේදය ගන්නේ ශරිරටට අවශ්‍ය ප්‍රමාණයටද කියන එක. කොහෙත්ම නැහැ. දිනකට සිරුරට අවශ්‍ය කරන මේද ප්‍රමාණයන්ට වඩා ඉතා වැඩි ප්‍රමාණයක් මේදය අපේ සිරුරට එකතු වෙනවා.

ඒ අපේ වැරදි ආහාර රටාව නිසා. දෛනිකව අවශ්‍ය කරන මේදය ප්‍රමාණයන්ට වඩා හතර පස් ගුණයක් සමහර විට ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් අතිරික්ත මේදය විදියට දිනකට අපේ ශරීරගත වෙනවා.

මෙහෙම අතිරික්තව ලැබෙන මේද කොටස් රුධිරයට එකතු වෙනවා. රුධිරයේ දී මේ මේද කොටස් දියවෙන්නේ නැති නිසා ඒවා රුධිර නාල වල තැන්පත් වෙනවා. එහෙම තැම්පත් වන සංතෘප්ත මේදය ශරීරයට ඉතා හානිකරයි. මේ අහිතකර මේද කොටස් වැඩිපුර රුධිර නාල වල තැන්පත් වීම නිසා රුධිර නාල අවහිර වී රුධිර සංසරණය අඩාල වෙනවා.

කොලෙස්ටරෝල් වැළඳිලා තිබුනත් එහි රෝග ලක්ෂණ ප්‍රබලව පිටතට පෙන්නුම් කරන්නේ නැති නිසා මේ තත්ත්වය උත්සන්න වෙනකන්ම ගොඩක් දෙනෙක් එය හඳුනා ගන්නේ නැහැ.

මේ නිසා නිසි කලට වෛද්‍ය ප්‍රතිකාර නොලැබී යාම අවදානම වැඩි වෙන්න හේතුවක් වෙනවා. ඔයා තුළත් මේ මේ ලක්ෂණ පෙන්නුම් කරන්න ගත්තොත් සහ දැනටමත් මේ දේවල් පෙන්නුම් කරනවා නම් කිසි විටක එය නොසලකා හරින්න එපා.

පපුවේ ඇති වන වේදනාව

පපුවේ සිට වම් අත දක්වා ඇති වන වේදනාව

හුස්ම ගැනීමේ අපහසුතා

අත්ල, දණහිස, ඇස් යට ඇතිවන පැල්ලම්

අත්, පා ආදියේ ඇතිවෙන හිරිවැටීම්

සිරුරේ ඇති වන මේද ගැටිති

සිරුරට දැනෙන වෙහෙසකර බව

වගේ ලක්ෂණ ඔයා තුළත් පෙන්නුම් කරනවා නම් රුධිර පරීක්ෂණයක් මඟින් ඒ බව නිවැරදිව තහවුරු කර ගන්නත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වෙන්නත් ප්‍රමාද වෙන්න එපා.
උපුටා ගැනීම – අන්තර්ජාලයෙන්

Previous articleකිරිල්ලියෝ දෙන්නෙක් වගේ ලස්සන අනූ – කනූ… 25 වන උපන්දින සැමරුමට කල වෙනස්ම සුපිරි වැඩේ මෙන්න…
Next articleහෙට අපිට “පුතෙක් ද? දුවෙක් ද?” – සමීර වීරවර්ණගේ කැදැල්ලට අලුත් අමුත්තෙක්
error: Content is protected !!
Verified by MonsterInsights