ඔබේ පාදයේ පිහිටීම අනුව හා පාදයේ ඇගිලි පිහිටා තිබෙන අකාරය අනුව ඔබේ ජීවිතයේ සැගවුන ගති ලක්ෂණ සොයා ගත හැකි බව ඔබ දැනුවත්ද?
ඔබේ පාදයේ ඇඟිලි උසේ අනුපිළිවෙලට පිහිටා ඇත්නම් ඒකෙන් කියන්නේ ඔබ තීරණ ගැනීමේදී වැඩිපුර සැලකිලිමත් වන පුද්ගලයෙක් කියලා. ඒ වගේම හුදෙකලා ජීවිතයක් විඳින්න ඔබ වැඩි කැමැත්තක් දක්වනවා. තමන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳවද වැඩි අවධානයක් දක්වන පුද්ගලයෙක් බවට ඔබ පත් වෙනවා.
ඔබේ පාදයේ මුල් ඇඟිලි තුන එක හා සමාන උසකින් පිහිටා ඇත්නම් ඔබ සමාජයට ඉතාම සුහදශීලී පුද්ගලයින් වෙනවා. ඒ වගේම ඔබට මනා පෞරුෂයක් තියෙනවා. අන් අයව ආකර්ෂණය කර ගැනීමේ හැකියාවක්ද පවතිනවා.
ඔබේ පාදය ඇඟිලි සියල්ල එක හා සමාන මට්ටමකින් තියෙනවා නම් ඔබ දැඩි කාරුණික හා අවංක පුද්ගලයින් වෙනවා. ඕනෑව තත්ත්වයකදී අනිත් අයට උදව් කරන්නත් තමන්ට එන අභියෝගවලට මුහුණ දෙන්න තරම් ශක්තිමත් පුද්ගලයෙකුද වෙනවා. දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු කරන්න තරම් ඔබ ඉතාම ආදරණීය පුද්ගලයින් වෙනවා.
ඔබේ සුළඟිල්ල සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉතාම කුඩාවට පිහිටා ඇත්නම් ඔබ අන් අයගේ මතයට ගරු කරන පුද්ගලයෙකු වේ. ඒ වගේම බාහිර පුද්ගලයින් සිතන විදිය පිළිබඳව ඔබ අවධානය යොමු කරනවා. ඔබ විනෝදකාමී ජීවිතයට වැඩි කැමැත්තක් දක්වන සංචාරක කටයුතුවලටත් කැමැත්තක් දක්වයි. විශේෂයෙන් ත්‍රාසජනක ක්‍රීඩාවලටත් කැමැත්තක් දක්වන ඔබ නිරන්තරයෙන්ම අන් අය ගැන සිතා බලන පිරිසක්ද වෙනවා.
පාදයේ ඇගිලි එකම ළඟම නොව හිඩස් සහිතව පිහිටා ඇත්නම් එම පුද්ගලයින් ස්වාධීන පුද්ගලයින් වෙනවා. නිදහසේ කාලය ගත කිරීමටත්මොවුන් කැමති වන අතර කටකාර පුද්ගලයින්ද වෙනවා.
ඔබේ පාදයේ නහර අධිකව පෑදී ඇත්නම් මෙම පුද්ගලයින් මගින් කියවෙන්නේ ඔවුන් ඉතාම දිළිඳු පුද්ගලයන් වන බවයි. ඒ වගේම ජීවිතය පුරාවට කලකිරීමෙන් හා අපහසුවෙන් තමයි ඔවුන් ජීවත්වන්නේ.
පාදයේ රෝම අධිකව පිහිටා ඇත්නම් ඔබට දුක් කම්කටලු වලට මුහුණ දීමට සිද්ධ වෙනවා.
පාදයේ මහපට ඇඟිල්ල වටකුරුව උස්ව පිහිටා ඇත්නම් එවැනි පුද්ගලයින් ඉතාම වාසනාවන්තයි. යස ඉසුරු ලැබී සැපසේ ජීවත් වීමට පුළුවන්.
යටි පතුල මැද වළගැසී ඇත්නම් ඉතාම දුෂ්කර ජීවිතයක් ඔවුන්ට ගත කිරීමට ඔබට සිද්ධ වෙනවා. මුදල් ඉපැයීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදු වෙනවා.ඒ වගේම ඔබ වෙනත් කම් සැප සොයා යයි. කාමාධික චරිත වේ.
ඔබේ යටි පතුල සම්පූර්ණයෙන්ම පොළොවට ස්පර්ශ වේ නම් ඔබ කටුක ජීවිතයක් ගත කරයි.අසුභ සිද්ධීන් වලට මුහුණ දීමට සිද්ධ වේ. විවාහය රැක ගැනීමට අපහසු වේ.
සුළඟිල්ල බිම වදින්නේ නැත්නම් මෙවැනි පුද්ගලයින් සැමියා හෝ බිරිඳ වේ නම් ඔවුන් එකිනෙකාට යටත් නොවී ජීවත් වෙයි.
යටි පතුලේ සේ සතක් ,කොඩියක් හක්ගෙඩියක් වැනි දේ ඇත්නම් ඔබ ඉතා වාසනාවන්තයි. නම්බු නාම හිමිවේ. විවාහය ඉතාමත් සාර්ථක වේ.