නොදත් ගුණ බැලතණ
🔴 බැල තණ, අපේ ගෙවත්තේ වැවෙන කකුළුවෙකුගේ අඬු මෙන් විහිදි ගියකුඩා පඳුරු විශේෂකි . Gooes Grass හා Crabgrass යන ඉංග්‍රීසි නම් 2 කින් හදුන්වයි.
මේ ඖෂධිය පැලෑටිය ඉතාමත් වටිනා පැලෑටියක්. මේ පැලෑටිය හේතුවෙන් රෝග කිහිපයකට ප්‍රතිකර්ම කරන්න පුළුවන්.
🔴පිලිකාව: මේකේ තියන AntiOxidant properties නිසා ඕනෑම ආකාරයක පිලිකා සයිල වර්ධනය අඩාල කරන්න හැකියාව තිබෙනවා.
🔴ගර්භාශයේ ගෙඩි සහ තුවාල: මේකේ තියන Antiinflamatory ගුණය නිසා කාන්තාවන්ගේ ප්‍රජනන පද්දතියේ (reproductive system)
ගැටළු සමනය කිරිමට හැකිවෙනවා.
🔴වකුගඩු ආබාධ: මේ බැලතණ ශරීරයේ වතුර ප්‍රමාණය රදවගෙන අනවශ්‍ය ලුණු හෝ බැර ලෝහ මුත්‍රා හරහා ඉක්මනින්ම ශරීරයෙන් පිට කරන්න. හැකියාව තියෙන බැව් සඳහන්
🔴දියවැඩියාව: මේක අතීතයේදී දියවැඩියාව තියන අයට තේ වගේ වක්කරල බොන්න දීල තියෙනවා මේකේ
දියවැඩියාව පාලනයකිරිමේ හැකියාව ( Anti Diabetic) properties තියන නිසා.
🔴ලේගැලීම් සහ තුවාල: මේක නම් හැමෝම වගේ දන්නවානේ, ඉස්සර සෙල්ලම් කරනකොට ඇදගෙන වැටිල අතපය පතුරු ගියාම කරන්නේ මෙයින් ටිකක් හපල තියන එක. එයින් තුවාල ඉක්මනින්ම සනිප වෙනවා
🔴පරපෝශකයින්ට: මනුස්සයින්ගේ විතරක් නෙවෙයි ඕනෑම සතෙක්ගේ ඇග ඇතුලේ ජීවත්වෙන් පරපෝශිත සත්තුන්ව විනාඩි ගානක් ඇතුලත හාන්සි කරන්න මේකට පුලුවන්, දැකල ඇතිනේ බල්ලෝ පූසෝ මේවා කාල ටික වෙලාවකින් වමනේ කරනවා.
අන්න ඒ ඒකට තමයි.
🔴නියුමෝනියාව: මේක දවසට දෙපාරක් දවස් 5 ක් බිවුවාම ලෙඩාට නියුමෝනියාව හැදුනද කියල හොයාගන්න බැරිවෙන්න හොද වෙනවා.
🔴අධිරුධිර පීඩනය: මේ පැල අමුවෙන් තම්බලා ආහාරයට ගන්න පුලුවන්නම් කොලෙස්ටරෝල් නැතිකරගන්න පුළුවන්
🔴උණ: ඉස්සර අපේ ගම්වල මිනිස්සු මේක උණ රෝගීන්ට ඉස්ම විදිහට මීපැණි එක්ක කලවම් කරල දීල තියනවා උණ බහින්න.
🔴කෙන්ඩ පෙරලුනාම: මේ පැලේ තලල තෙත ගතියට පෙරළුන තැන තිබ්බාම විනාඩි10-15 හොද වෙනවා කියනවා.
🔴පාරම්පරික සිංහල වෙදකමේදි මගෙ සියා බැලතණ , කොට්ට පොල් සමඟ (analubml ) තලතෙලෙන් මළවා ශරිරයේ උළුක්කු ව සිදු වු ස්තානයන් වලට තබා බැදිමෙන් දින 3/4 කින් සහනයක් ලැබෙනවා.
මුල් හිමිකාරීත්වයට ස්තුති ..🙏