Home Uncategorized ඔන්න ඉතින් යන යන තැන සෙල්ෆි ගහලා දැම්මොත් වෙනදේ… ඔයාගේ ජීවිතේටත් අනතුරක්...

ඔන්න ඉතින් යන යන තැන සෙල්ෆි ගහලා දැම්මොත් වෙනදේ… ඔයාගේ ජීවිතේටත් අනතුරක් වෙන්න පුළුවන් සැලකිල්ලෙන් ඉන්න.

0
88

උත්සව සමයත් එක්ක ගොඩාක් දෙනා තමන්ගේ පවුල් එක්ක විනෝද චාරිකා වගේම නිවාඩු කාලය ගත කරන බොහෝ ප්‍රදේශවලට යනවා. ඒ යනවා වගේම ඒ ගිය තැන්වල ඉදලා සෙල්ෆියක් පවා ගහනවා වගේම ඒවා අරගෙන අන්තර්ජාලයට මුදාහැරීමට කටයුතු කරනවා. විශේෂයෙන්ම මුහුණු පොත හරහා.

එත් ඔබ දන්නවද ඔබ එහෙම මුදාාහරින චායා රුපයයකින් ඔබේ ජිවිතයට අනතුරක් තියෙනවා කියලා. ඔව් ඇත්තටම තියෙනවා.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ. වුට්ලර් පවසා සිටින්නේ තමන් සිටිනා ස්ථානය පිළිබඳව සමාජ මාධ්‍ය හරහා අනෙක් පිරිස් දැනුවත් කරන ආකාරයක් දක්නට ලැබෙන බවත් එසේ කිරීමෙන් වළකින ලෙසත්ය.

තවදුරටත් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ මෙවැනි අදහසක්.

”ලබන මාසෙ දෙසැම්බර් මාසය. අපි සියලු දෙනාම උත්සව මාසයක් සඳහා ප්‍රවිෂ්ඨ වෙනවා. ඒ නිසා මෙම උත්සව සමයේ විශේෂයෙන් විනෝද චාරිකා, වන්දනා මාන, විශේෂ චාරිකා සඳහා අපේ අම්මල තාත්තට දූ පුතුන් පිටත් වෙනවා. අපි දන්නවා සමාජ මාධ්‍ය හරහා මේ වන විට තමන්ගේ නිල ෆේස්බුක් එක හරහා තමන්ගෙ ගමනාන්තය පිළිබඳව අනිත් අයට දැනුම් දෙනවා සෙල්ෆියක් හරහා. ඔබ ඉන්නෙ මේ වන විට නුවරඑළියේ, ගාල්ලේ වශයෙන් මහජනතාව දැනුවත් කිරීමේ ක්‍රමයක් ඔබ විසින්ම සකස් කරගෙන තියෙනවා. මෙය සුදුසු නොවෙයි. ඔබ පසුපස එන අපරාධකරුවකු,ට පසුපස විපරමෙන් සිටින කෙනෙකුට මෙය හුදෙක් වාසි සහගත වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් අපි අම්මල තාත්තලට මතක් කරනවා ඔබ ඉන්නා තැන පිළිබඳව කිසිවෙකු දැනගත යුතු නොවේ. ඒ වගේමයි ඔබ මේ ගමනාන්තය සඳහා භාවිතා කරන වාහනය විශේෂයෙන් විනෝද චාරිකා, පාසල් ළමුන් අරන් යන චාරිකා ඔබ ප්‍රවිෂ්ට වෙන්නට පුළුවන් ඔබ භාවිතා කරන බස් රථය, ඔබගේ රියදුරුම කවුද , යාන්ත්‍රික දෝෂ පිළිබඳ ඔබ සෑහීමකට පත් වෙලාද ,මෙහි රියදුරු පිළිබඳව ඔබ සෑහීමකට පත්වෙලාද ඔබගේ ගමනාන්තය යහතින්, ගෞරවනීය ලෙස යා හැකි රියදුරෙක් ඔබ සතුව සිටිද මේ සියලු කරුණු කෙරෙහි ඔබ අවධානය යොමු කළ යුතු යි.”

Previous article“හවස 6.30ට විතර කතා කර­න­විට කට­හඬ අමුතු වෙලා තිබුණා.. ඊට පැය භාගෙ­කට විතර පස්සේ තමයි යාළුවා කතා කරලා අම්මට කියලා තියෙන්නේ..” ඔවුන්ගේ ජීවිතවලින් නික්මගිය තරුණයෙකු ගැන ඇසෙන අනුවේදනීය කතාව මෙන්න..
Next article“ඇහේ, මූණේ තියාගෙන මම උඹව හැදුවේ මෙහෙම ඉන්නව දකින්නද පුතේ.. පෙට්ටියත් සීල් කරලනේ ගෙනාවේ..” අබිරහස් ලෙස මිය ගිය තරුණයෙකු ගැන ඇසෙන සංවේදී කතාවක් මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights