කෑම රසගන්වන්න ගන්න කුළුබඩුවක් තමයි ගොරකා කියන්නේ. හැබැයි මෙහි ඇති ඖෂධීය ගුණ නම් කියල නිම කරන්න බෑ.
අපෙ ශරීරයේ අනවශ්‍ය තෙල් නැති කරන්න ගෙදරදීම ගොරකා යොදාගෙන හදාගන්න පුළුවන් විදිහේ අත් බෙහෙතක් තමයි මේ.
ඇත්තටම මෙම චූර්ණය විවිධ ක්‍රම වලට මෙම කුළුබඩු අඩු වැඩියෙන් යොදා ගෙන බොහෝ දෙනා හදා ගන්නවා.
ගොරකා චූර්ණය හදන හැටි…
ගොරකා
උළුහාල් මේස හැන්දක්
කරපිංචා කොළ මේස හැඳි තුනක් විතර
තරමක් විශාල කුරුඳු කෑල්ලක්
ගම්මිරිස් මේස හැන්දක්
සුදු ළූණු බික් පහක්
තරමක ඉඟුරු කෑල්ලක්
ගොරකා ටික හොඳින් සෝදා මැටි වළඳක දාලා හොඳින් තම්බා ගන්න..
කරපිංචා, කුරුඳු, ගම්මිරිස්. මේ තුන කබලේ ටිකක් බැදගන්න..(කරපිංචා වල පාට වෙනස් නොවෙන ලෙස)..
බැද ගත් සියල්ල බ්ලෙන්ඩර් එකේ දාලා කුඩු කරගන්න.
තැම්බුනු ගොරකා ටික වතුර පෙරා බ්ලෙන්ඩර් එකට දාලා..සුදු ළූණු, ඉඟුරු, පෙඟුනු උළුහාල් ඔක්කොම දාලා හොඳට බ්ලෙන්ඩ් කරන්න.
පේස්ට් එකක් එන තරමට..
දැන් ගොරකා පේස්ට් එකට කුඩුකර ගත්.. කරපිංචා, කුරුඳු, ගම්මිරිස්..දාලා හොඳින් අනන්න ඔක්කොම කලවම් වෙන විදියට.
දැන් මේ අනා ගත් ගොරකා පේස්ට් එකෙන් කුඩා ගුලි හදාගන්න..(60 ක් පමණ පුළුවන් වේවි)
හදාගත් ගුලි වලින් උදේ හිස් බඩ එකක් කාලා උණු වතුර වීදුරුවක් බොන්න.
රෑට කෑමට පෙර එක ගුලියක් කාලා උණු වතුර වීදුරුවක් බොන්න..
මේක මාසයක් බොන්න.. ශීතකරණයේ
පහළ කොටසේ බොක්ස් එකක දාලා තියන්න.
ගැස්ට්‍රයිටීස් තියෙන අය බත් සමග කෑමට ගන්න..
(උපුටා ගැනීමකි)









