Home Uncategorized මුත්‍රා ගල් නැත්තටම නැති කරන දිය හබරල ගැන ඔබ නොදත් විශ්මිත හෙල...

මුත්‍රා ගල් නැත්තටම නැති කරන දිය හබරල ගැන ඔබ නොදත් විශ්මිත හෙල ඔසුවක් මෙන්න

0
75

මුත්‍රා ගල්වල මාරයා!!!
නොහොත් දියහබරල
[Diyahabarala] (Monochoriahastata)
☘️ජබර යනුවෙන්ද හඳුන්වන දියහබරල සෙ.මි. 3 පමණ ගණකම රෛසෝමයක් සහිත, ජලාශ්‍රිත ව වැවෙන කුඩා පැළෑටියකි.
☘️ බෙහෙවින් අතු බෙදුණු රෛසෝමයෙන් නව පැළෑටි හට ගනී. පත්‍ර කොලපුවලින් වැසී පවතින සිලිංඩරාකාර කඳ සෙ.මි 90 දක්වා දිගට වැඩේ. කුන්තාකාර හෝ ශරාභ හැඩැති පත්‍ර දිගින් සෙ.මි. 15-18 සහ පළලින් සෙ.මි. 5-15 දක්වා වැඩේ. පත්‍ර තලයේ ඉහල පෘෂ්ඨය තද කොළ පැහැති වන අතර යටි පෘෂ්ඨය ළා පැහැති ය.!! සෘජු නටුවක් සහිත පුෂ්ප මංජරියෙහි හට ගන්නා නිල් පැහැති මල් අලංකාරවත් ය. ඵලය ඉලිප්සීය හැඩැති, සෙ.මි. 1 පමණ දිග ස්ඵෝටිකාවකි. එතුල මි.මි. 8 පමණ දිග දුඹුරු පැහැති බීජ පිහිටයි.
☘️මෙම උද්භිද ගණයටම අයත් Monochoriavaginalis නම් දේශීය ශාකයක් ඇති අතර එය ද දියහබරල සහ ජබර යනුවෙන් හඳුන්වයි. දේශීය වෙදකමේදී දියබෙරලිය යනුවෙන් හඳුන්වන්නේ ද මෙම විශේෂ බවයි බොහෝ පිරිසකගේ පිළිගැනීම. පෙනුමෙන් මෙම විශේෂවලට තරමක් සමාන ජපන් ජබර (Eichhorniacrassipes) නමින් හඳුන්වන විදේශීය ආක්‍රමණික ශාකය මෙම වර්ග සමඟ පටලවා නොගත යුතු ය. මේවා Pontederiaceae උද්භිද කුලයට අයත් ශාක විශේෂයන් ය.
☘️පිත නිසා හටගත් රෝග, මව්කිරි මදිකම, වාත මේහ, ප්‍රදර රෝග, මුත්‍රා ‍ දැවිල්ල, මුත්‍රා අඩස්සිය, මුත්‍ර ‍ පිටනොවීම, මලබද්ධය, ගුද භ්‍රමංෂආදියට ප්‍රතිකාර කිරීම සඳහා දියහබරල සම්පූර්ණ ශාකයම භාවිතා කරයි. දියහබරල පිත සමනය කරන, රුධිරය පිරිසිදු කරන, මුත්‍යිකාරක, කාම වර්ධක, වේදනා නාශක ආදී ගුණ සහිතයි. නීල්යාදී තෛලය දියහබරල යොදා නිපදවන ප්‍රකට ඖෂධයකි.!!
☘️මව්කිරී එරීමට, වාත මේහයට, මුත්‍රා අඩස්සිය සහ මුත්‍රා පිට නොවීමට දියහබරල දෙහි ගෙඩියක් පමණ ප්‍රමාණයක් අඹරාගෙන මෝරු සමඟ දවසට දෙවරක් බැගින් දින 40 ක් භාවිතා කළ යුතුයි!!.
ගුද භ්‍රමංශයට දියහබරල කැඳ දෙයි!!. අක්ෂි රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී දියහබරල යුෂ භාවිතා කරයි.!!
කැක්කුම සහ දැවිල්ල සහිත වණවලට දියහබරල කොළ, කැකුළු හාල්, පොල්කිරෙන් තම්බා අඹරා බැඳිය යුතු යි.!!
ගඩු සඳහා දියහබරල කොළ දොඬම් ඇඹුලෙන් අඹරා දීකිරි එක්කොට ගඩුවේ ගෑ යුතු යි!!. බාහිර ලේ වහනය වැලැක්වීමට කොළ ඇල්දියෙන් අඹරා ආලේප කරයි!!.
☘️දියහබරලවලට ශරීරගත විෂ ඉතා කෙටි කාලයකින් උරා ගෙන මල සමඟ පිටකිරීමේ විශේෂ හැකියාවක් ඇති නිසා විෂ වෙදකමේදී භාවිතා කර ඇති බව සඳහන්. දියහබරල ශාක කොටස් උදරාබාධ, දත්කැක්කුම, ඇදුම, ඇල්සයිමර් රෝගය ආදිය ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා බව අන්තර්ජාල මූලාශ්‍ර වල දක්වා ඇත.!!!
☘️දියහබරල කොළ, අල සහ පුෂ්ප මංජරිය මැල්ලුම්, ව්‍යංජන සහ කැඳ ලෙස සකසා ආහාරයට එක්කර ගත හැකිය. දියහබරල කොළ හා දඬු, ගාගත් පොල් සමග කොටා මිරිකා ගත් යුෂ යොදා සකස් කරගත් කොළ කැඳ හිස් බඩ පානය කිරීමෙන් ශරීරයේ දැවිල්ල, මුත්‍රා දැවිල්ල පහ වේ.!!
☘️ එමෙන්ම එය මුත්‍ර ගල් දියවීමටත්, ශුක්‍ර මේහයටත්, සෙංගමාලයටත් අගනා ඔසුවකි. මේවා ශීත ගුණයෙන් යුත් ආහාර නිසා රත්පිත් රෝගීන්ට ද වඩාත් ගුණදාක ය.
(උපුටාගැනීමකි)

Previous articleදියවැඩියාව සුව කරන නිදිකුම්බා මේ තරම් ගුණයි කියලා ඔයා හීනෙකින්වත් හිතුවද ?
Next articleමින් පස්සේ ඔලුව ටිකක් රිදුන ගමන් පැනඩෝල් බොන්න එපා… ඔබත් නිතරම පැරසිටමෝල් බොන කෙනෙක්ද ? එහෙනම් මේ ගැනත් ඔබ අනිවාර්යයෙන්ම දැනුවත් වෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights