සෑම නිවසකම පාහේ පවතින ආරක්ෂිත කටුව එසේ නැත්තන් අපි හදුන්වන හැට්ට කටුවේ නිර්මාතෘ ගැන ඔබ මීට කලින් දැන සිටියාද?
වෝල්ටර් හන්ට් 1796 දී උපත ලැබූ අතර ඇමරිකානු ඉතිහාසයේ වඩාත්ම සාර්ථක නව නිපැයුම්කරුවන්ගෙන් කෙනෙක්. ප්‍රාථමික මහන මැෂින් ආකෘති වල සිට විවිධ උපාංගවල නිර්මාතෘවරයා වන්නේ මේ හන්ට්. බොහෝ අනෙකුත් දක්ෂයින්ට වගේම නොසන්සුන් මනසක් තමයි මොහුට තිබිල තියෙන්නෙ. ඒ වගේම ඔහු ජීවත් වෙලා තියෙන්නෙ විශාල මූල්‍ය දුෂ්කරතා මැද්දෙ.
1849 දී, ඩොලර් 15 ක් මිතුරෙකුගෙන් ණයට ගන්න මොහු ඒ මුදල ආපසු ගෙවන්න ගොඩාක් දේවල් කරල තියනව. දවසක් ඔහු අඟල් 8 පිත්තල කම්බියක් අතේ තියාගෙන එය ඇඟිලිවලින් නවන්න පටන් අරන්. ටික වේලාවකින් මෙතෙක් නිර්මාණය කර ඇති වඩාත්ම ප්‍රයෝජනවත් වස්තුවක් වෙන මේ ආරක්ෂිත කටුව නොදැනුවත්වම නිර්මාණය වෙලා.
හැබැයි හන්ට් ඒ හැදුනු කටුව ඒ විදිහටම නිෂ්පාදනය කලේ නෑ. ඔහු එයට උල් හැඩයක් හා ආරක්ශිත ආවරනයක් නිර්මාණය කලා.
ඔහු 1849 අප්‍රේල් 10 වන දින මේ නිර්මාණයට අංක 6,281 දරණ පේටන්ට් බලපත්‍රය ගන්නව. ඉන් පසු ඔහු ඉක්මනින් එහි අයිතිය ඩොලර් 400 කට ඩබ්ලිව්.ආර්. ග්‍රේස් සහ සමාගමට විකුණනව. ඒ මුදල ඔහුගේ ණය ගෙවීමට ප්රමාණවත් වෙනව.
කොහොම උනත් මෙය නිකම්ම නිකම් නිර්මාණයක් නොවේ. එය එදිනෙදා අපට එන ගැටලු රාශියකට විසඳුමක්.
වෝල්ටර් හන්ට් කෝටිපතියෙකු නොවූ නමුත් ඔහුගේ මේ කුඩා සොයාගැනීම අමරණීය වෙලා තියෙනව. කුඩා දෙයකින් පවා මිනිසෙක්ගේ නාමය අමරණීය වෙනව කියන කියමනට මෙය එක උදාහරණයක්.
copied..









