මේ නම් අදහා ගන්න බැරි තරම් ආකර්ශනීය මෝටර් රථයක්. එහි හිමිකාරිණිය කවුද.? ඇය ලොවක් ආදරය කරන සුරූපී බොලිවුඩ් තාරකාවක්.
ශ්‍රද්ධා කපූර්, මෙලෙස රුපියල් කෝටි 4ක වටිනා ‘Lamborghini Huracan Tecnica’ සුපිරි මෝටර් රථයක් මිලදී ගෙන තිබෙනවා.
බොලිවුඩ් සිනමාවේ ජනප්‍රිය නිළි ශ්‍රද්ධා කපූර් සිය මෝටර් රථ එකතුවට අතිවිශිෂ්ට නවතම Lamborghini සුපිරි මෝටර් රථයක් එක් කරගත් මේ අවස්ථාව බොහෝ ඉන්දීය මාධ්‍ය වාර්තා කළා..
ඇය මිලදී ගෙන ඇත්තේ ඉන්දියානු රුපියල් කෝටි 4.04කටයි. Lamborghini Huracan Tecnica මාදිලියේ මෙය රතු පැහැති ආකර්ශනීය මෝටර් රථයක්.














