කෝමාරිකාවල ඇති anti inflammatory ගුණය,healing ගුණය සහ සිසිලන ගුණාංග නිසා ගැස්ට්‍රයිටිස් ශමනය කිරීමට උපකාරී වේ.
✅ ගැස්ට්‍රයිටිස් සඳහා කෝමාරිකා භාවිතා කරන්නේ කොහොමද කියලා අපි දැන් බලමු.
1. කෝමාරිකා යුෂ
අමුද්‍රව්‍ය:
– නැවුම් කෝමාරිකා ජෙල් මේස හැඳි 2-3 (කොළ වලින්)
– වතුර කෝප්ප 1ක් හෝ පොල් වතුර
– (optional – රසය සඳහා මී පැණි)
උපදෙස් :
– කෝමාරිකා ජෙල් වතුර සමඟ මිශ්‍ර කරන්න.
– හිස් බඩ දිනකට වරක් හෝ දෙවරක් පානය කරන්න.
මෙමගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ
– ආමාශයේ දැවිල්ල අඩු කරයි
– ආමාශයික ශ්ලේෂ්මල ප්‍රදාහය සුව කිරීමට උපකාරී වේ
-අම්ල උද්ගාරය ශමනය කරයි.
2. කෝමාරිකා + නෙල්ලි යුෂ (වඩා හොඳ ආහාර ජීර්ණයක් සඳහා)
– කෝමාරිකා යුෂ සහ නෙල්ලි යුෂ සමාන කොටස් මිශ්‍ර කරන්න.
– කෑමට පෙර මේස හැඳි 2ක් ගන්න.
⚠️සැ.යු.
– කෝමාරිකාවල දෙපස කපා කහ පැහැති කිරි ඉවත් කිරීමට ජලයේ පැය 3ක් පමණ ගිල්වා තබා ඇතුළත ජෙල් පමණක් ගැනීම. කටයුතු කරන්න
– අධික ලෙස පරිභෝජනය නොකරන්න—දිනකට කෝප්ප ½ ක්ප්‍රමාණවත්.
– ගර්භනී කෙනෙක් නම් හෝ පාචනය ඇති නම් මෙය නොගෙන සිටීමට වග බලා ගන්න.
දීඝායු ~ සුවබර දිගු දිවියකට පෙරමග









