2025 විශ්ව රූ රැජින කිරුළ මෙක්සිකෝවේ ෆාතිමා බොෂ් ජයග්‍රහණය කරයි!
2025 විශ්ව රූ රැජින කිරුළ ජයග්‍රහණය කිරීමට මෙක්සිකෝවේ ෆාතිමා බොෂ් සමත් වී තිබෙනවා.
ඒ අනුව තරඟකරුවන් 100 කට අධික සංඛයාවක් පරාජය කරමින් ඇය 74 වන විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළදීමට සමත් වූවා.
Top 52025 විශ්ව රූ රැජින තරගයේ අවසන් වටයට තේරුණු තරඟකරුවන් 5 දෙනා (top 5)
තරගයේ පළමු අනුශූරතාවය දිනා ගත්තේ තායිලන්තය නියෝජනය කළ තරගකාරිනිය වූ Praveenar Singh විසිනුයි.
පසුගිය වසරේ 73 වන විශ්ව රූ රැජින කිරුළ හිමිකරගත් ඩෙන්මාර්කයේ Victoria Kjær Theilvig තරඟාවලියේ අවසන් තරඟයේදී ජයග්‍රාහිකාවට කිරුළු පළදවන ලදී.
Miss Mexicoෆාතිමා බොෂ් 74 වන විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළදූ අවස්ථාව
මෙලෙස මෙක්සිකෝවට විශ්ව රූ රැජින කිරුළ නැවතත් හිමිවන්නේ වසර 5 ට පසුව වන අතර මීට පෙර 2020 වර්ෂයේදී ද විශ්ව රූ රැජින කිරුළ දිනාගැනීමට මෙක්සිකෝ ‘Andrea Meza’ සමත් විය.













