Home Uncategorized ඔබේ කුස්සියේ තියන ද්‍රව්‍යවලින් දියවැඩියාව පාලනය කරන විශේෂ පානයක්..

ඔබේ කුස්සියේ තියන ද්‍රව්‍යවලින් දියවැඩියාව පාලනය කරන විශේෂ පානයක්..

0
92

ඔබත් දියවැඩියාව නිසා පීඩාවට පත්වූ කෙනෙක්ද? එහෙනම් මේ ඇසෙන කතාව ඇත්තටම ඔබට වැදගත් වේවි.

අද කාලේ ගොඩක් දෙනෙක් මේ වගේ රෝගවලට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවුණත් මෙවැනි බෝ නොවන රෝගවලට අතීතයේදී නම් බොහෝ දෙනෙක් විසඳුම් සෙව්වේ ගෙදර මුළුතැන්ගෙයින්. අද කාලයේ බොහෝ දෙනෙක් පීඩාවට පත්වෙලා ඉන්න මේ රෝගයට ඇත්තටම මෙය විසඳුමක් වේවි.

ඔබේ කුස්සිය ඇතුලේ හැමදාම දෙපැත්තකට වෙලා හිටිය, කවදාවත් එකට මුණ නොගැසුණු සුපිරිම ඖෂධ දෙකක් එකට එකතු කරලා දියවැඩියාවට ගුණදෙන රසවත් ගුණවත් පානයක් හදන්නයි අද අපි මේ හදන්නේ.

මේක හදාගන්න ගොඩක් දේවල් ඕන වෙන්නෙ නෑ. නැවුම් කුරුඳු කුඩු ටිකකුයි නැවුම් එළකිරි ටිකකුයි තිබ්බොත් හොඳටම ඇති.

අවශ්‍ය ද්‍රව්‍ය :-

නැවුම් කුරුඳු කුඩු 10g ක් පමණ

නැවුම් එළකිරි හෝ දියර කිරි (fresh milk)

සාදාගන්නා ආකාරය :-

නැවුම් කිරි වීදුරුවකට කුරුඳු 10g ක් පමණ (යෝගට් හැන්දෙන් එකක ප්‍රමාණයක්) එකතුකර සතියට දින තුන හතරක් පානය කරන්න.

මෙය ටික දිනක් සිදුකර රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරගන්න. ඔබට පුදුම හිතෙයි.

මෙහි වඩාත් යහපත් ප්‍රතිඵල ලබාගත හැක්කේ ඔබ දියවැඩියාව පාලනය කරන ආහාර වට්ටෝරුවලට අනුව කටයුතු කලොත් පමණයි.

එහෙම නොකලොත් මෙම පානයේ සැබෑ ගුණ ඔබට අහිමී වී යාවි. ඒ වගේමයි, කුරුඳු කුඩු සඳහන් කර ඇති ප්‍රමාණයෙන්ම ලබාගන්න. වැඩිපුර භාවිතය සිරුරට අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකියි.

අන්තර්ජාලය ඇසුරෙන්..

 

Previous articleහැමදාම බුදුන් වදිනකොට අපි තුන් වරක් ‘ සාධු ‘ කිව්වට ඇත්තටම සාධු කියලා කියන්නේ ඇයි කියලා හරියටම දැනගත්තේ අද..
Next articleපැලකල උළුහාල් වලින් දියවැඩියාව නැත්තටම නැති කරගන්නේ මෙහෙමයි
error: Content is protected !!
Verified by MonsterInsights