Home සයුරෙන් එහා පුවත් “ඒකත් ජය සිරි මංගලම්…!” – යුගදිවියට පිවිසුණු, ජීවන් තොන්ඩමන්… – Photos

“ඒකත් ජය සිරි මංගලම්…!” – යුගදිවියට පිවිසුණු, ජීවන් තොන්ඩමන්… – Photos

0
85

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් ගේ විවාහ උත්සවය ඉන්දියාවේදී පැවැත්වෙනවා.

ඒ ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුපතූර් නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ උත්සව ශාලාවක සහ හින්දු කෝවිලකදීයී.

මන්ත්‍රීවරයා විවාහ ගිවිස ගන්නේ ඉන්දියානු වෛද්‍යවරියක වන සීතායි ශ්‍රී නාච්චියාර් සමගයි.

ඇය තමිල්නාඩු ප්‍රාන්තයේ හිටපු නියෝජ්‍ය කථානායක වී.පී. දුරෙයිසාමි ගේ දියණියක්.

මෙම විවාහ උත්සවයට හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ ඇතුළු දේශපාලනඥයින් කිහිපදෙනෙකු සහභාගී වී තිබෙනවා.

මේ එහි ඡායාරූප කිහිපයක්…

Previous articleරොටී කඩේ හොයාගන්නත් නැහැ… සුන්බුන් ගොඩක් විතරයි… පහළ කඩුගන්නාව ඛේදවාචකයෙන් වෙළෙඳසල් හිමිකරුගේ පියා සහ බිරියත් මරුට…
Next article“තාමත් මහ පොළොව කම්පා කරවන ස්වභාවික විපත් සිද්ධ වෙනවා… උස මහත වුණාට කූඹියෙකුටවත් කරදරයක් නොකරන ළමයෙක් ඔයා…” – කඩුගන්නාවේ ඛේදවාචකයෙන් සමුගත් තරුණයෙකු ගැන ඇහෙන, හද සසල වෙන කතාව…
error: Content is protected !!
Verified by MonsterInsights