මේ වන විටත් රටේ සිටින පිරිසෙන් විශාල සංඛ්‍යාවක් ආපදා තත්වය හේතුවෙන් අවතැන්ව සිටිනවා.
මේ කියන්න යන්නේ අන්න ඒ අයට වැදගත් වෙන තවත් එක් කතාවක්.
ආපදා තත්ත්වයත් සමඟ සුරක්ෂා කඳවුරුවල තව දුරටත් සිටින පුද්ගලයින්, ගම්මානවල ජීවත් වන ජනතාව ඇතුළු සියළු දෙනා අතරින් අධි රුධිර පීඩනයට, කොලෙස්ටරෝල් හා දියවැඩියාවට ප්‍රතිකාර ලබාගන්නා අඛණ්ඩව එම ඖෂධ ලබා ගැනීම අත්‍යවශ්‍ය බව කොළඹ ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක සදහන් කරනවා.
ආපදා තත්වය හමුවේ ඇති කලබලකාරී තත්වය නිසා මෙන්ම ඖෂධ ගංවතුරට හසුවීම නිසා ඇතැම් පුද්ගලයින්ට එම ඖෂධ ලබා ගැනීම අතපසු විය හැකියි.
ඔබේ ප්‍රදේශයේ ක්ෂේත්‍ර කාර්‍ය මණ්ඩලයට දැන්වීමෙන් හෝ ලඟම ඇති රජයේ රෝහලෙන් ඔවුන්ට එම සේවා ලබාගත හැකි බව සදහන් කෙරෙනවා.









