Home දේශිය පුවත් හදිසියේවත් මේ වගේ වෙනසක් දැක්කොත් පරක්කු වෙන්න එපා” – ලංකාවේ පුංචි පැටවුන්...

හදිසියේවත් මේ වගේ වෙනසක් දැක්කොත් පරක්කු වෙන්න එපා” – ලංකාවේ පුංචි පැටවුන් අතර පැතිරෙන අලුත්ම අවදානම මෙන්න..

0
6207

මෙරට අම්මලා තාත්තලාගේ දෑසට කඳුළු නංවන පුවතක් ජාතික පිළිකා මර්ධන වැඩසටහන මගින් අනාවරණය කර තිබෙනවා.

ඒ වාර්ෂිකව ශ්‍රී ලංකාවෙන් අලුතින් ළමා පිළිකා රෝගීන් 900ක් පමණ වාර්තා වන බවයි.

විශේෂඥ වෛද්‍ය සුරාජ් පෙරේරා මහතා පෙන්වා දෙන්නේ මේ දක්වා මේ සඳහා නිශ්චිත හේතුවක් හඳුනාගෙන නොමැති වුවත්, මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීමෙන් තම ආදරණීය පැටියාගේ ජීවිතය බේරාගත හැකි බවයි.

වෛද්‍යවරුන් අවධාරණය කරන්නේ තම පුංචි පැටියා තුළ පහත සඳහන් යම් අසාමාන්‍ය ලක්ෂණයක් දුටුවහොත් කිසිසේත්ම එය සුළු කොට තකන්න එපා කියායි..
පුංචි සිරුරේ කොතැනක හෝ ඇතිවන අසාමාන්‍ය ගෙඩි හෝ ඉදිමුම්.
කිරි කැටියා වෙනදාට වඩා අසාමාන්‍ය ලෙස සුදුමැලි වීම.
ක්‍රියාශීලී බව අඩුවී නිතර අලස ගතියක් පෙන්වීම.
නිතර ඇතිවන තද උණ හෝ ශරීරයේ වේදනාවන්.

“පුංචි පැටවුන් තුළ මෙවැනි වෙනසක් දුටු සැණින් එය සාමාන්‍ය දෙයක් යැයි සිතා කාලය නාස්ති නොකර, වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යොමු කරන්න.” යනුවෙන් වෛද්‍යවරයා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

Previous articleරත්තරන් ගන්න බලන් හිටපු අයට අද ලැබුණු ඉස්තරම් පණිවිඩය මෙන්න!
Next article“ඇයගේ සැබෑ ලස්සන පෙනෙන්නේ ආත්ම විශ්වාසය නිසයි.. ” එන්න එන්නම ලස්සන වෙන ශෙරිල් මොකක්ද මේ කියන්නේ..?
error: Content is protected !!
Verified by MonsterInsights