Home ජීවිතයට යමක් බටහිරට ඔලුව දාල නිදාගත්තොත් මොකද වෙන්නේ…

බටහිරට ඔලුව දාල නිදාගත්තොත් මොකද වෙන්නේ…

0
994

විද්‍යාව තාක්ෂනය මොන තරම් දියුණු වුනත් තාමත් අපි නොපෙනෙන බලවේග වලට බයයි.
ඒ දේවල් වල විද්‍යාත්මක පදනමක් නැති බව දැනගත්තත් හිතේ පොඩි කුකුසක් හරි තිබෙනවා.

මේ වගේ එක මතයක් තමයි නිදාගන්නකොට ඔලුව දාන්න ඕනේ පැත්ත. හැමෝම කියන්නේ බටහිරට ඔලුව දාල නිදාගන්න එපා කියලා. මොකක්ද මේකේ පදනම?

බටහිර දිශාවට හිස දමා නිදාගන්න එපා කියන කතාව ඉතාමත් ජනප්‍රිය මතයක් වී වුවත් මෙහි විද්‍යාත්මක පසුබිමක් නොමැති බව පෙන්වා දිය යුතුයි.

මේ සඳහා සමාජයේ ඇති එකම පිළිතුර වන්නේ කෙනෙක් මැරුණු විට මෘතදේහය තබන්නේ හිස බටහිර දිශාවට යොමු කොට බැවින් එම දිශාවට හිස දැමීම නොකළ යුතු බවයි.

එහි කිසිදු සත්‍යතාවක් නැහැ. බටහිර දිශාවට හරවා මෘතදේහය තබන්නේ ලංකාවේ පමණයි. මෙය සංස්කෘතික පිළිගැනීමක් වුවද එහි කිසිදු සත්‍යතාවක් නැහැ.

අපි කිසියම් දෙයක් සිදු කිරීමේදී එහි විද්‍යාත්මක පසුබිම පිළිබඳ පරීක්‍ෂා සිදු කළ යුතුය.

බටහිර දිශාවට හිස දමා නිදා ගැනීමේ කිසිම වරදක් නොමැති අතර ඔබ නිදා ගැනීම නොකළ යුත්තේ උතුරු දිශාවට හිස දමා බව මතක තබා ගත යුතුයි.

මෙහි විද්‍යාත්මක පසුබිම වන්නේ ලෝකයේ වැඩිම චුම්බක බලය පවතින්නේ උතුරු දිශාවේ බැවිනි. බටහිර දිශාවට හිස දමා නිදා ගැනීම ඉතාමත් යහපත් වන අතර අප එවිට සෑම විටම අවදි වන්නේ නැඟෙනහිර දිශාවට බැවිනි.
Previous articleඅරුම පුදුම ගුණදෙන තක්කාලි යුෂ…
Next articleඔබටත් කොලෙස්ටරෝල්ද මෙන්න විසඳුම – බොහෝ රෝග පාලනය කරගන්න ලිංගිකව එක්වන්න
error: Content is protected !!
Verified by MonsterInsights