Home ජීවිතයට යමක් ගෙදරින් පිටවෙලා යනකොට ශීතකරණයට කාසියක් දමන්න. මේ ක්‍රියාව ඔබේ පවුලේ සියලු දෙනාගේ...

ගෙදරින් පිටවෙලා යනකොට ශීතකරණයට කාසියක් දමන්න. මේ ක්‍රියාව ඔබේ පවුලේ සියලු දෙනාගේ ජිවිත ආරක්ෂා කරයි..

0
2473

ඔයා දවස් කිහිපයකට ගෙදරින් බැහැරට යනවා කියලා හිතන්න. ඔයා නැති අතරතුරේ ගෙදර විදුලිය විසන්ධි වෙලා (Power cut), ආයෙත් පැය කිහිපයකින් විදුලිය ආවොත් ඔයා ඒක දන්නේ නැහැනේ?

හැබැයි ඒ අතරතුරේ ෆ්‍රිජ් එකේ තියෙන මස්, මාළු සහ කෑම වර්ග දිය වෙලා නරක් වෙන්න පුළුවන්. ආයෙත් ලයිට් ආවම ඒ නරක් වුණු කෑම ආයෙත් මිදෙනවා (Freeze වෙනවා). ඔයා ගෙදර ඇවිත් බලද්දී කෑම ටික හොඳට මිදිලා තියෙන නිසා ඔයා හිතන්නේ ඒවා තාම අලුත් කියලා.
හැබැයි ඒවයේ විස සහිත බැක්ටීරියා හැදිලා තියෙන්න පුළුවන්. මේකෙන් බේරෙන්න තමයි මේ “කාසි ක්‍රමය” පාවිච්චි කරන්නේ.

කොහොමද මේක කරන්නේ? (විද්‍යාත්මක ක්‍රමය)
මුලින්ම කෝප්පයකට වතුර දාලා ඒක අයිස් වෙනකම් ෆ්‍රිජ් එකේ (Freezer එකේ) තියන්න.
වතුර ටික හොඳට අයිස් වුණාට පස්සේ, ඒ අයිස් කුට්ටිය උඩින් රුපියලේ හෝ පහේ කාසියක් තියන්න.

දැන් ඒක ෆ්‍රිජ් එකේම තියලා ඔයා ගමන යන්න.
ඇයි මෙහෙම කරන්නේ?

කාසිය උඩම තියෙනවා නම්: ඒ කියන්නේ ඔයා නැති අතරතුරේ ලයිට් ගිහින් නැහැ. නැත්තම් ගියත් ඒක ඉතාම සුළු වෙලාවකටයි. කෑම සුරක්ෂිතයි.

කාසිය කෝප්පයේ මැදට ගිහින් නම්: ඒ කියන්නේ සෑහෙන වෙලාවක් ලයිට් ගිහින් තියෙනවා. අයිස් දිය වෙලා කාසිය පල්ලෙහාට ගිහින්. ඒ නිසා කෑම ගැන දෙපාරක් හිතන්න වෙනවා.

කාසිය කෝප්පයේ අඩියටම ගිහින් නම්: ඒ කියන්නේ ගොඩක් වෙලාවක් ලයිට් ගිහින් අයිස් ඔක්කොම වතුර වෙලා. එහෙම වුණොත් අනිවාර්යයෙන්ම ෆ්‍රිජ් එකේ තියෙන මස්, මාළු වගේ දේවල් අයින් කරන්න. මොකද ඒවා විස වෙලා තියෙන්න පුළුවන්.

මේක හරිම සරල විද්‍යාත්මක උපක්‍රමයක්. මතුපිටින් බලලා අපිට හොයාගන්න බැරි ලොකු අනතුරකින් බේරෙන්න මේ කාසිය අපිට උදව් කරනවා.

Previous articlePhone එකේ ආයු කාලය අඩු කරවන ඔබ කරන වැරදි…
Next articleඉස්සර දැන් කියල වෙනසක් නැහැ..දැනටත් මගේ ජීවිතේ පහසු කරන්න,..ඔයාට පුළුවන් විදියට මට උදව් වෙනව..ඉතින් මේ ඉන්නෙ මගේ නිහඬ වීරයා…
error: Content is protected !!
Verified by MonsterInsights