දිනෙන් දින ඉහළ යන දැඩි උණුසුම නිසා ලාංකික අපිට දැන් ඉවසීමේ සීමාව පැනලයි තියෙන්නේ.
මේ රස්නය නිසා කායිකව වගේම මානසිකවත් ලොකු බලපෑම් ඇති වෙන්න පුළුවන් කියලා කායික වෛද්‍ය විශේෂඥ සරත් ගාමිණි ද සිල්වා මහතා අනතුරු අඟවනවා.
කාලගුණ විද්‍යාඥ නිමල් බණ්ඩාර මහතා පවසන්නේ ඉදිරි දින 10 ඇතුළත සැලකිය යුතු වර්ෂාවක් බලාපොරොත්තු වෙන්න බැරි බවයි. ඒ කියන්නේ සිරුරට දැනෙන උණුසුම තවදුරටත් වැඩි වෙන්න නියමිතයි.
මෙන්න මේ රස්නය නිසා ගොඩක් දෙනෙක් දැන් රෑට කරන්නේ ගෙවල්වල ජනෙල් විවෘත කරගෙන නිදාගන්න එක. හැබැයි පොලිසිය කියන්නේ මේක “හොරුන්ට” රජ මඟුල් කියලා. උණුසුම නිසා ඔබ ජනෙල් ඇරලා නිදාගන්නවා නම්, සොර සතුරන්ගෙන් ආරක්ෂා වෙන්න මේ දේවල් අනිවාර්යයෙන්ම කරන්න කියලා පොලිසිය මතක් කරනවා.
ජනෙල්වල වීදුරු විතරක් ඇරලා ග්‍රිල් එක වහලා තියන්න.
ග්‍රිල් පද්ධතිය ශක්තිමත්ද කියලා ආයෙත් පරීක්ෂා කරන්න.
දොරවල් අගුලු දාලා තියෙනවද කියලා සැක හැර දැනගන්න.
ගෙවත්ත වටේ තියෙන අඳුරු තැන්වල විදුලි පහන් දල්වලා තියන්න.
රස්නයෙන් බේරෙන්න ගිහින් අන්තිමේදී ගෙදර තියෙන බඩු ටික හොරු අරන් යනකම් ඉන්න එපා කියලා තමයි පොලිසිය මේ කියන්නේ….












