සමහර ආදර කතා තියෙනවා වචනවලින් විස්තර කරන්න බැරි තරම් ගැඹුරුයි. පසුගිය දවසක ඉක්වදෝරයෙන් අසන්නට ලැබුණු මේ කතාවත් ඒ වගේ එකක්. තමන්ගේ මවගේ සොහොන අසල වාඩි වී තනිවම සෙල්ලම් බඩුත් එක්ක සෙල්ලම් කරන පුංචි දියණියකගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ කාගේත් අවධානයට ලක් වුණා.
අනිත් අයට ඒක හදවත කඩා වැටෙන දර්ශනයක් වුණත්, ඒ පුංචි දියණියට ඒක තවත් එක සාමාන්‍ය දවසක් විතරයි. ඇය එතැනට ආවේ අඬන්නවත්, දුක් වෙන්නවත් නෙවෙයි. ඇයට ඕන වුණේ තමන්ගේ අම්මා තවමත් තමන් ලඟ ඉන්නවා වගේ හැඟීමක් එක්ක තමන්ගේ දවස ගත කරන්නයි. ඒ පුංචි හිත දන්නා එකම ආදරය තමයි අම්මා කියන්නේ. ඉතින් ඒ ආදරය තවමත් එතැන තියෙනවා කියලා ඇය විශ්වාස කරනවා.
අම්මා කෙනෙක්ගේ ආදරය කියන්නේ කවදාවත් මැරෙන්නේ නැති, හැමදාම අපේ හෙවනැල්ල වගේ ඉන්නා අසීමිත ශක්තියක්. මේ පුංචි දියණිය අපිට කියා දෙන්නේ ඒ උතුම් ආදරයේ නිහඬ බවයි.
ලෝකයේ කොහේ හිටියත්, අම්මා කෙනෙක්ගේ ආදරයට මරණයෙන් පවා වැටකඩොලු බඳින්න බැහැ කියන එකට මේ දියණිය කදිම සාක්ෂියක්.
උපුටා ගැනීමකි











