Home දේශිය පුවත් තාත්තාගේ ජීවිතය බේරා ගන්න තමන්ගේ ජීවිත මහවැලියට පූජා කර වීර පුතුන් තුන්දෙනෙක්...

තාත්තාගේ ජීවිතය බේරා ගන්න තමන්ගේ ජීවිත මහවැලියට පූජා කර වීර පුතුන් තුන්දෙනෙක් ගැන ඇසෙන සංවේදී කතාව මෙන්න

0
464

“අනේ මහත්තයෝ… මම දන්නේ නැහැ මොනවා වුණාද කියලා. මට හුස්ම ගන්න බැරුව මම අත් දෙක උඩට දාලා වතුර යට ගිලෙනවා විතරයි මට මතක.

ඒ වෙලාවේ මට ඇහුණා මගේ ලොකු පුතා කෑගහනවා ‘අන්න තාත්තා ගිලෙනවා… මල්ලි පැනපන්!’ කියලා. ඒ එක්කම තුන්දෙනාම වතුරට පැන්නා. එකෙක් මගේ අතින් අල්ලගත්තා, අනිත් දෙන්නා මාව ගොඩට තල්ලු කළා. මම වතුර පෙවිලා සිහිය නැති වේගෙන එද්දී මට ඇහුණේ අන්තිම වතාවට පුතා මගේ අත අතෑරපු එක විතරයි…

‘තාත්තේ… බය වෙන්න එපා අපි ඉන්නවා…’ කියලා මාව බේරලා උඹලා තුන්දෙනාම එකටම ගියේ ඇයි පුතේ? මම මොනවා කරන්නද මේ පණ තියාගෙන? මගේ පණට වඩා වටිනා උඹලා තුන්දෙනාම මාව බේරලා දියේ ගිලිලා ගියානේ… මට දැන් කවුද තාත්තා කියලා කියන්න ඉතිරි වුණේ?”

එතන හිටපු ඇසින් දුටු සාක්ෂිකරුවෙක්

“මහත්තයෝ… අපි බලන් හිටියේ පණ ගැහෙන හිතින්. ඒ තාත්තා වතුරේ ගිලෙද්දී ඒ කොල්ලෝ තුන්දෙනා තත්පරයක්වත් හිතුවේ නැහැ. පිරිමි ළමයි තුන්දෙනාම එක පේළියට වතුරට පැනලා ගිහින් තාත්තව වට කරගත්තා.

ඇත්තටම වතුර ගොඩක් සැරයි. ඒත් ඒ තුන්දෙනා ඒ සැර වතුර එක්ක සටන් කරලා තාත්තව කොහොම හරි මිනිස්සු ඉන්න පැත්තට තල්ලු කළා. මම දැක්කා ලොකු පුතා අනිත් දෙන්නට කෑගහනවා ‘පොඩ්ඩක් ඉවසපන්… තාත්තව බේරගමු… බය වෙන්න එපා’ කියලා.

තාත්තා ගොඩට ආවා විතරයි… ඒත් එක්කම ආපු ලොකු රළකින් ඒ කොල්ලෝ තුන්දෙනාවම යට කරගත්තා. පස්සේ අපි බලද්දී කවුරුවත් පේන්න හිටියේ නැහැ. අම්මා තාත්තා වෙනුවෙන් පණ දෙනවා කියලා දරුවෝ කිව්වට, ඇත්තටම තමන්ගේ පණ දීලා තාත්තව බේරගත්ත පුතාලා තුන්දෙනෙක් මම අදයි දැක්කේ. මහා පුදුම සහෝදරකමක් මහත්තයෝ ඒක… පපුව පිච්චිලා යනවා මේක මතක් වෙද්දී…”

තමන්ගේ ජීවිතේ පූජා කරලා තාත්තව බේරගත්ත ඒ වීර පුතාලා තුන්දෙනාට නිවන් සුව අත්වේවා!

Previous articleතමන්ගේ මිය ගිය මවගේ සෙනෙහස සොයමින් සොහොන අසල සෙල්ලම් කරමින් කාලය ගතකරන පුංචි දියණිය
Next article”එදා ඔයා මගේ ඔළුවේ තිබ්බ ඒ රජ ඔටුන්න මම කවදාවත් බිම තියන්නේ නැහැ.” සෙනාලි ෆොන්සේකාගෙන් සංවේදී සටහනක්!
error: Content is protected !!
Verified by MonsterInsights