Home සයුරෙන් එහා පුවත් මනුස්සකම ගැන අපිට උගන්වපු පුංචි වීරයා… තමන්ගේ වැරැද්දට වන්දි ගෙවන්න රෝහලට දිවූ...

මනුස්සකම ගැන අපිට උගන්වපු පුංචි වීරයා… තමන්ගේ වැරැද්දට වන්දි ගෙවන්න රෝහලට දිවූ ඩෙරෙක්ගේ කතාව.

0
195

 

 

අද අපි ජීවත් වෙන්නේ පාරේ යන අහිංසක සතෙක් වාහනයකට යට වුණත් “ඒක සතෙක්නේ” කියලා නොබලා යන මිනිස්සු ඉන්න ලෝකෙක. හැබැයි ඒ ලෝකයම මනුස්සකම ගැන අලුතින් හිතන්න පොළඹවපු පුංචි වීරයෙක් ගැන මිසෝරාම් ප්‍රාන්තයෙන් වාර්තා වෙනවා.

මිසෝරාම්හි සයිරන්ග් ගමේ ජීවත් වන 6 හැවිරිදි ඩෙරෙක් සී. ලාල්චන්හිමා වෙනදා වගේම තමන්ගේ පුංචි බයිසිකලය පදිමින් හිටියේ හරිම සතුටින්. හැබැයි නොසිතූ මොහොතක ඔහුගේ බයිසිකලයට අසල්වැසියාගේ කුකුළු පැටියෙක් යට වෙනවා. සෙලවීමක් නැතිව වැටී සිටින කුකුළු පැටියා දුටු ඩෙරෙක්ට දැනුණේ මහා බියක් සහ වේදනාවක්.

මරණය යනු කුමක්දැයි හරිහැටි නොදන්නා මේ අවුරුදු හයක දරුවා සිතුවේ කුකුළු පැටියාට තුවාල වී ඇති බවයි. ඔහු වහාම නිවසට ගොස් තමන් සෙල්ලම් බඩු ගැනීමට එකතු කරගත් රුපියල් 10ක මුදලත්, කුකුළු පැටියාවත් අතට ගෙන හතිලමින් රෝහලට දිව ගියේ පැටියාගේ ජීවිතය බේරා දෙන ලෙස ඉල්ලමින්.

එක් අතක කුකුළු පැටියෙකුත්, අනෙක් අතේ රුපියල් දහයේ කොළයකුත් තබාගෙන කඳුළු පිරුණු දෑසින් රෝහලේ හෙදියන් දෙස බලා සිටින ඩෙරෙක්ගේ ඡායාරූපය දුටු ඕනෑම හදවතක් උණු වන බව නොඅනුමානයි.

“තාත්තේ පින්සිද්ධ වෙයි මට තව 100ක් දෙන්න!”

රෝහලට ගියත් ඩෙරෙක්ට අසන්නට ලැබුණේ අමිහිරි පුවතක්. ඒ වන විටත් කුකුළු පැටියා මියගොස් සිටි නිසා රෝහලෙන් ඔහුට උදව්වක් ලැබුණේ නැහැ. ඩෙරෙක් හඬමින් නිවසට පැමිණියේ තමන් දුන් රුපියල් 10 මදි නිසා රෝහලෙන් ප්‍රතිකාර නොකළ බව සිතමින්.

“තාත්තේ, පින්සිද්ධ වෙයි මට 100ක් දෙන්න… මම 100ක් අරන් ආයෙත් රෝහලට යන්නම්, එතකොට එයාව සනීප කරයි!” පොලිස් නිලධාරියෙකු වූ ඔහුගේ පියා ඉදිරියේ ඩෙරෙක් කළ ඒ ආයාචනය දැන් සමාජ මාධ්‍ය පුරා පැතිර යනවා.

තමන් අතින් වූ වැරැද්දක් වෙනුවෙන් වන්දි ගෙවීමට සහ අහිංසක ජීවිතයක් බේරා ගැනීමට මේ පුංචි දරුවා දැක්වූ උත්සාහය මිල කරන්න බැහැ. ඩෙරෙක්ගේ පාසල මගින් ඔහුව විශේෂ ඇගයීමකට ලක් කළ අතර, මිසෝරාම් සංස්කෘතියේ වීරයන්ට පලඳවන විශේෂ සළුවකින් (Shawl) ඔහුව පිදුම් ලැබුවා.

සමාජ මාධ්‍ය ඇසුරෙන්….

Previous articleඅද දවසේ ඔබේ ලග්නයට කොහොමද? මෙන්න මේ විදියට පටන් ගත්තොත් නම් දවස සුබයි.. සම්පූර්ණ විස්තරය මෙන්න
Next articleපාසල් සහ අධ්‍යාපන ආයතන වෙත විශේෂ දැනුම්දීමක්! මැයි මස 26 වැනි දින සිට ජූනි මස 02 දක්වා මොකක්ද වෙන්න යන්නේ…
error: Content is protected !!
Verified by MonsterInsights