Home දේශිය පුවත් පාසල් සහ අධ්‍යාපන ආයතන වෙත විශේෂ දැනුම්දීමක්! මැයි මස 26 වැනි දින...

පාසල් සහ අධ්‍යාපන ආයතන වෙත විශේෂ දැනුම්දීමක්! මැයි මස 26 වැනි දින සිට ජූනි මස 02 දක්වා මොකක්ද වෙන්න යන්නේ…

0
1826

 

 

2026 වසරේ රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව දිවයිනේ සියලුම පාසල් සහ අධ්‍යාපන ආයතන වෙත විශේෂ දැනුම්දීමක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සිදු කර තිබෙනවා.

ඒ අනුව “වෙසක් සතිය” නිමිත්තෙන් විශේෂ වැඩසටහන් මාලාවක් සංවිධානය කරන ලෙසයි අමාත්‍යාංශය නියෝග කර ඇත්තේ.

අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව, මැයි මස 26 වැනි දින සිට ජූනි මස 02 වැනි දින දක්වා කාලය වෙසක් සතිය ලෙස නම් කර තිබෙනවා. මෙම කාලය තුළ රජයේ පාසල්, විද්‍යාපීඨ සහ ගුරු විද්‍යාල, පිරිවෙන් යන ආයතන පරිශ්‍රයන් තුළ ආගමික වැඩසටහන් සහ වෙසක් උත්සවයට ගැළපෙන නිර්මාණාත්මක කටයුතු සංවිධානය කළ යුතු බවට උපදෙස් ලබා දී තිබෙනවා.

මෙවර 2570 වැනි සම්බුද්ධ ජයන්තියට සමගාමීව රාජ්‍ය වෙසක් උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත්තේ මාතර, තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේදීයි. මැයි මස 27 වැනි දින පැවැත්වෙන මෙම මහා උත්සවයට සමගාමීව මුළු දිවයිනම ආවරණය වන පරිදි පාසල් දරුවන්ගේ අධ්‍යාත්මික ගුණය වර්ධනය කිරීම මෙම වැඩසටහන්වල මූලික අරමුණ වී තිබෙනවා.

අමාත්‍යාංශය විසින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව “යෝජිත ආදර්ශ සැලැස්මක්” ද පාසල් වෙත ඉදිරිපත් කර තිබෙනවා. තමන්ගේ පාසලට හෝ ආයතනයට සුදුසු පරිදි එම සැලැස්ම වෙනස් කර ගනිමින් වෙසක් සතිය අර්ථවත්ව සමරන ලෙසයි ලේකම්වරයා වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

Previous articleමනුස්සකම ගැන අපිට උගන්වපු පුංචි වීරයා… තමන්ගේ වැරැද්දට වන්දි ගෙවන්න රෝහලට දිවූ ඩෙරෙක්ගේ කතාව.
Next articleඒහිපස්සිකෝ සාම පා ගමනේ ගිය අතුරුදන් වූ රටක ආදරේ දිනාගත් කලුවා ගැන ඇසෙන අලුත්ම ආරංචිය මෙන්න
error: Content is protected !!
Verified by MonsterInsights