‘ඒහිපස්සිකෝ’ සාම පා ගමන සමඟ හා අතර මගින් පැමිණ ගමනේ යෙදුන “කළු” නැමැති සුනඛයා නැවත නිවසට ගොස් ඇතැයි වාර්තා වේ.
එම සුනඛයා නූතන ලෝකයේ බෞද්ධයන්ගේ වීරයා ලෙස විරුදාවලිය ලබා සිටින වියට්නාම් ජාතික පඤ්ඤාකර හිමියන් සමඟ හරි හරියට ඉතා විශාල දුරක් ගොස් ඊයේ (25) නැවත ගෙදර ගොස් තිබේ.
ශ්‍රී ලංකාවේ පා ගමනේදී සිව්වන දිනයේදී සාම පා ගමනට එක්වූ “කළු” බෙලිගම්මන රජ මහා විහාරයේ දොරටුව තෙක්ම ගමන් කළ බව පැවසේ.
මෙම සුනඛ්‍යා හමුවූ බවට කිහිපදෙනෙකු විසින්ම තහවුරු කර තිබෙනවා.
ඔවුන්ගේ සටහන් පහතින්,
Sandhya Wijesekara
හිඟුල ප්‍රදේශයේ දී පාගමන බලන්න ගෙදර අය එක්ක ආව එයා පාගමන සමග බෙලිගම්මනට ගිහින් අද උදේ එයාගෙ ගෙදරට ඇවිත්
Rohan Esweda
එයා අද උදේ අපහු එයාගෙ ගෙදර ඇවිත්.








