ඒ දවස් මොන තරම් නම් සුන්දර ඇතිද..?
ඇය හෙළ සිනමාවේ නිලි රැජිනයි. එද සමීපතම මිතුරියක්ව සිටි ශෙරීම් මේ අවදි කරන්නේ විශේෂිත වූ මතකයක්..
මාලනී ෆොන්සේකා, අද ජීවත්ව සිටිනා නම් ඇයගේ 79 වන උපන්දිනය අදට යෙදී තියනවා.
ලංකාවේ කා අතරත් ජනප්‍රිය වුණ ඇයත් එක්ක අද වගේම තවත් එක් දවසක මේ මොහොත මොන තරම් සතුටෙන් ගෙව්වාද කියන එක ඇයට සිහිපත් වෙන්නට ඇති.
කොහොම වුණත් නික්ම ගිය මාලනිය වෙනුවෙන් මෙන්න මේ වගේ විශේෂ සටහනක් අද දවසේ එකතු කරන්න ශෙරීන් අමතක කරලා තිබුනේ නැහැ.
“අක්කා ඔයාගේ 70 වෙනි උපන්දිනයට ෂෙරා අපි සෝමාවතිය වදින්න යමුද ඇහුවා….ඔයාගේ පවුලේ සියලු දෙනාම බස් එකකින් එක්ක ගෙන ගියා…
ජීවනුයි මමයි නිල්හාන් රේඛා අපි ඔක්කම ගියා…මේ තියෙන්නේ රෑ 12ට කපපු කේක් එක…අද වගේ දවසක…කොහේ හරි ඔයා හොදින් ඉන්නවා මට විස්වාසයි..
අජරාමර නිවන් සුව මගේ අක්කට,, නිවනින් සැනසීම ලැබේවා… “The world is very quiet without you around.”
















