Home සයුරෙන් එහා පුවත් “මගේ අලුත් පෙනුම මට විශාල ආත්ම විශ්වාසයක් ලබා දුන්නා…” පෙනුම වෙනස් කරගත්...

“මගේ අලුත් පෙනුම මට විශාල ආත්ම විශ්වාසයක් ලබා දුන්නා…” පෙනුම වෙනස් කරගත් කාන්තාවක් ජීවිතය ගැන තීරණාත්මක තීන්දුවක් ගනී..

0
36
තම පෙනුම පිළිබඳව වසර ගණනාවක් තිස්සේ පැවති අසතුට එක් නිමේෂයකින් දුරුකරගත් තරුණියක් ගැන මේ ඇසෙන්නේ විශේෂ ආරංචියක්.

30 හැවිරිදි ඩෙවින් අයිකන් (Devyn Aiken) ගැන මේ ඇසෙන කතාව ඇත්තටම ඔබවත් මවිතයට පත්කරාවි.

ඩොලර් 11,000ක මුදලක් වැය කර සිදු කළ නාස් සැත්කම (Nose Job), ඇගේ රුව පමණක් නොව ඇගේ මුළු ජීවිතයම වෙනස් කිරීමට සමත් වුණු හේතුව වී තිබෙනවා.

“මගේ අලුත් පෙනුම මට විශාල ආත්ම විශ්වාසයක් ලබා දුන්නා. මීට වඩා හොඳ ජීවිතයක් ලැබීමට මා සුදුසු බව මට වැටහුණේ එවිටයි. මගේ ජීවිතයේ මා කිසිදා නොසිතූ තරම් සතුටකින් දැන් මම ඉන්නවා…” යනුවෙන් ඩෙවින් පවසා තිබුණා.

කොහොම වුණත් මේ වෙනසින් පසු වසර ගණනාවක් තිස්සේ තමා අසතුටින් සිටි විවාහ ජීවිතයෙන්ද ඉවත් වීමට ඇය තීරණය කරලා..

ඒ අනුව ඩෙවින් දික්කසාදය සඳහා නඩු පැවරීමට කටයුතු කර ඇති අතර, ඇගේ පෙනුම වෙනස් වීමෙන් පසු ඇයගේ අනාගතයම වෙනස් වි‍ය යුතු බවයි ඩේවින් කියා තිබුණේ. 

Previous articleඇය හිටියා නම් අදත් ලස්සන දවසක්.. නික්ම ගිය නිලි රැජින ගැන ශෙරීන් තැබූ ඒ සංවේදී සටහන මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights