Home දේශිය පුවත් සමහර අවස්ථා වල ඒක පීඩනයක් උනත් අපි තවමත් ඔබ සැමට ආදරෙයි. ඒක...

සමහර අවස්ථා වල ඒක පීඩනයක් උනත් අපි තවමත් ඔබ සැමට ආදරෙයි. ඒක තෙරුම් ගතහැකි දෙයක්..ඇමරිකාවට ගිය පඤ්ඤාකර හිමි අපි ගැන කියූ දේ..

0
53

❤️සංඝරත්නයෙන් ලැබෙන ආශීර්වාදය නිවැරදිව පිළිගන්නේ කෙසේද? බහුතරයක් පින්වතුන් අතින් සිදුවන වැරැද්ද මෙන්න.

ඕනෑම පින්කමක් අවසානයේ මහා සංඝරත්නය විසින් “අභිවාදන සීලිස්ස නිච්චං වද්ධා පචායිනෝ…” යන ගාථාව සජ්ජායනා කරමින් ආශීර්වාද කිරීම සාමාන්‍ය සිරිතකි. එහෙත් වර්තමානයේ බොහෝ ගිහි පින්වතුන් නොදැනුවත්කම නිසා සංඝයා වහන්සේලා එම ගාථාව සජ්ජායනා කරන විට තමන්ද ඒ සමඟම එය මුමුණන්නට පෙළඹෙති. සැබවින්ම මෙහිදී සිදුවිය යුත්තේ, සංඝරත්නය පිරිනමන එම උතුම් ආශීර්වාදය දෑත් හිස තබා වැඳගෙන ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කිරීමයි. ආශීර්වාද ගාථාව අවසානයේ සාදුකාර පවත්වා, ඉන් අනතුරුව මහා සංඝරත්නය වන්දනා කිරීම සඳහා වෙන්වූ ගාථාවන් ගායනා කිරීම වඩාත් අර්ථවත් හා ශාසනික ගරුත්වයට උචිත පිළිවෙත වේ.

සංඝරත්නයේ ආශීර්වාදය ලැබීමෙන් පසු ගිහි පින්වතුන් විසින් හඬ නගා සජ්ජායනා කළ යුත්තේ “සීලවන්තං ගුණවන්තං – පුඤ්ඤඛෙත්තං අනුත්තරං…” සහ “සාරිපුත්තාදි ථෙරානං – ආගතං පටිපාටියා…” යන ගාථාවන්ය. සැරියුත්, මුගලන්, ආනන්ද, සීවලී ආදී මහ රහතන් වහන්සේලාගෙන් පැවත එන, අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නය කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුතුව මෙම වන්දනා ගාථා සජ්ජායනා කළ යුතුය. සිල්වත්, ගුණවත්, අනුත්තර පින් කෙතක් බඳු වූ බුද්ධ පුත්‍රයන් වහන්සේලා වන්දනා කිරීමට ලැබීම දුර්ලභ භාග්‍යයක් කොට සලකා, නිවැරදි වත්පිළිවෙත් අනුගමනය කරමින් පින් පුරවා ගැනීමට සැම දෙනාම උනන්දු විය යුතුය.

Previous articleමිනිස්සුන්ට වඩා සත්තුන්ගේ ආදරය උතුම් කියලා ලෝකෙටම ඔප්පු කළ හැටි…මියගිය මිත්තණිය එනකල් පාළු නිවස ඉදිරිපිට තවමත් මඟබලන අහිංසක සුරතලාගේ කතාව මෙන්න…
Next articleඇයගේ අවසන් ඉල්ලීම ඊයේ සැබෑවක් වෙයි.සෙනාලි ඇගේ නැන්දා වෙනුවෙන් යුතුකම් ඉටුකරයි..
error: Content is protected !!
Verified by MonsterInsights