Home දේශිය පුවත් මවත් දරුවාත් සුවෙන්..වෛද්‍ය ෂාෆී ෂිහාදීන්ගෙන් අරුම පුදුම සිසේරියන් සැත්කමක්…!

මවත් දරුවාත් සුවෙන්..වෛද්‍ය ෂාෆී ෂිහාදීන්ගෙන් අරුම පුදුම සිසේරියන් සැත්කමක්…!

0
118

වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන් මිනිත්තුවකටත් වඩා අඩු කාලයක දී සිසේරියන් සැත්කමක් සිදු කර මවකගේත් දරුවකුගේත් ජීවිත බේරාගෙන තිබේ.

ඒ වන විට ඇගේ දරු ගැඹට සති 34 කි.
දරු ප්‍රසූතියකට සූදානමින් සිටි මෙම මව රුධිර පීඩනය වැඩි වීම හේතුවෙන්
මාවතගම රෝහලට ඇතුළත් කර තිබේ.
මාවතගම රෝහලේ දී රුධිර පීඩනයට අමතරව වලිප්පුවද ඇයට වැළ දී ඇත.

ඒ අනුව, මෙම කාන්තාව වහා මාවතගම රෝහලෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබේ.

කුරුණෑගල රෝහලේ දී ද ඇයට යළි වලිප්පුව සෑදී ඇති අතර, රුධිර පීඩනයද සාමාන්‍ය මට්ටමට වඩා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ඇය ඇත-ුළත් කර සිටි වාට්ටුව භාර වෛද්‍යවරයා වහාම වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන්ට දුරකථන ඇමතුමක් ලබා දී තිබේ.

ඇමතුම එන අවස්ථාවේ දී ෂාෆී ෂිහාබ්දීන් වෛද්‍යවරයා සිට ඇත්තේ නෝම්බි ඇරීමට
සූදානමිනි.

මව වහාම ශාල්‍යාගාරයට ඇතුළත් කරන ලෙස උපදෙස් දී ඇති ෂාෆි ෂිහාබ්දීන් වෛද්‍යවරයා මිනිත්තු පහක් තුළ රෝහලට පැමිණ තිබේ.

අධි රුධිර පීඩනය සහ වලිප්පු තත්ත්වය මත ඇගේ හෘද ස්පන්ධනය නැවතී තිබේ.
මෙවැනි තත්ත්වයක දී මව බේරා ගැනීමට නම්, හදිසි සැත්කමක් සිදු කර ඇගේ වැදැමහ ඉවත් කළ යුතු- බව වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ගේ අදහස වී තිබේ.

එවිට, ඇගේ රුධිර පීඩනය සාමාන්‍ය අතට පත් වී යළි හෘදස්පන්ධනය ආරම්භ වනු ඇති බව දැනුම් දී ඇති වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන්, වහාම සිසේරියන් සැත්කමකට එම මව යොමු කර තිබේ.

ඒ අනුව, තත්ත්පර තිහත් මිනිත්තුවත් අතර කාලයක දී අදාල සිසේරියන් සැත්කම නිමා කිරීමට වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන් කටයුතු කර තිබේ.

අවසානයේ දී දරුවාගේත් මවගේත් ජීවිත බේරා ගැනීමට වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන්ට හැකිව තිබේ.
උපුටා ගැනීම – මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ ෆේස්බුක් පිටුවෙන්

Previous articleඇයගේ අවසන් ඉල්ලීම ඊයේ සැබෑවක් වෙයි.සෙනාලි ඇගේ නැන්දා වෙනුවෙන් යුතුකම් ඉටුකරයි..
Next articleසුමිහිරි හඬින් රටක් පිනවූ ඉනෝකා අක්කා ගැන ඇසෙන ආන්දෝලනාත්මක ආරංචියේ සුලමුල මෙන්න.
error: Content is protected !!
Verified by MonsterInsights