නොමැති බව කිසිදා නොදැනෙන “රැජිණියේ” 🤍
අභාවප්‍රාප්ත, හෙළ සිනමාවේ නිලි රැජින මාලිනි ෆොන්සේකා මහත්මියගේ 79 වන ජන්ම සංවත්සරය ඊයේ (අප්‍රේල් 30) දිනයට යෙදී තිබුණා.
ඒ වෙනුවෙන් ඇය ජීවත්ව සිටියදී කරන ලද ඉල්ලීමකට අනුව, ඇය අවසන් වරට රැඳී සිටි කොළඹ නවලෝක රෝහලේ SICU පරිශ්‍රයට බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කිරීම ඊයේ සිදු කෙරුණා.
මෙම අවස්ථාවට නවලෝක රෝහලේ සභාපතිවරයා, රංගන ශිල්පිනි සෙනාලි ෆොන්සේකා ඇතුළු කලාකරුවන් රැසක් සහභාගීව සිටියා.

















