Home සයුරෙන් එහා පුවත් සිරගත වෙලා ඉන්න අම්මට තමන්ගෙ ජයග්‍රහණය පෙන්නන්න පෙර පාසල් උපාධි ඇඳුමෙන් සැරසිලා...

සිරගත වෙලා ඉන්න අම්මට තමන්ගෙ ජයග්‍රහණය පෙන්නන්න පෙර පාසල් උපාධි ඇඳුමෙන් සැරසිලා බන්ධනාගාරය අසලට ගියපු ලෝකයම කම්පා කරපු අවුරුදු 5ක පුංචි දරුවාගේ සංවේදී කතාව…

0
65

මේ දවස්වල සමාජ මාධ්‍ය පුරා මිලියන ගණනක් දෙනාගේ ඇස්වලට කඳුළු ගෙනාපු කතාවක් ගැනයි මේ කියන්න යන්නේ. අවුරුදු පහක විතර පුංචි දියණියක් තමන්ගේ පෙර පාසල් උපාධි ඇඳුමෙන් සැරසිලා බන්ධනාගාරයක් ඉස්සරහට එනවා. ඒ, ඇය ලබාගත්ත ඒ ලස්සන ජයග්‍රහණය දකින්න ඇයගේ අම්මාට වරම් නැති වුණු නිසයි.

මාස 10ක් තිස්සේ තමන්ගේ දරුවාව අල්ලන්නවත් බැරි වුණු ඒ අම්මා, හිරගෙදර දෙවෙනි තට්ටුවේ කුඩා කවුළුවකින් අත දාලා තමන්ගේ දියණියව අල්ලන්න උත්සාහ කරන ඒ දර්ශනය ඕනෑම කෙනෙක්ගේ හදවත සලිත කරවන එකක්. බන්ධනාගාර නීති අනුව ඇතුළට ගිහින් දරුවා හමුවෙන්න අවස්ථාව තිබුණත්, ඒ වෙනුවෙන් අරගෙන යන්න ඕනේ කෑම බීම ටිකවත් සපයාගන්න තරම් වත්කමක් මේ පවුලට තිබිලා නැහැ.

අන්තිමේදී ඒ ලස්සන උපාධි උත්සවය සීමා වුණේ හිරගෙදර කම්බි අතරින් දික්වුණු අම්මගේ අතකටත්, ජනේලයකින් කෑගහලා කරපු කතාබහකටත් විතරයි. මේ අම්මා වැරදි තැනක වැරදි වෙලාවක හිටපු නිසා හිරගත වුණත්, එහි වැඩිපුරම වන්දි ගෙවන්නේ කිසිම වරදක් නොකරපු මේ අහිංසක දරුවා නේද කියලා අපිට හිතෙනවා.

පසුගිය අප්‍රේල් මාසයේ මේ වීඩියෝව අන්තර්ජාලයට එක්වුණු දා ඉඳන් ලෝකය පුරාම ඉන්න දහස් ගණනක් දෙනා මේ පුංචි දියණියගේ අනාගතය වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. මොන තරම් තාප්ප ඉදිවුණත්, අම්මෙක්ගේ සහ දරුවෙක්ගේ ආදරය නවත්වන්න ඒ කිසිම දේකට බැහැ කියලා මේ කතාව අපිට මතක් කරලා දෙනවා.

 

Previous articleසුමිහිරි හඬින් රටක් පිනවූ ඉනෝකා අක්කා ගැන ඇසෙන ආන්දෝලනාත්මක ආරංචියේ සුලමුල මෙන්න.
Next article“අලුත් ලිපිනය සොයමි ඔබගේ.. පැතුම්පත ⁣දෙන්නට ගිහින්..” නික්ම ගිය ඔහුගේ ජීවිතයේ විශේෂ දවසක් වෙනුවෙන් කවියකින් සුබ පැතුමක්..
error: Content is protected !!
Verified by MonsterInsights