Home සුව අරණ අවුරුදු ඉවරයි අවුරුදු මාසේ වැඩිවුණු සීනි,කැලරී පාලනය කරගන්න මේ තමයි හොඳම කොලේ..ඔයත්...

අවුරුදු ඉවරයි අවුරුදු මාසේ වැඩිවුණු සීනි,කැලරී පාලනය කරගන්න මේ තමයි හොඳම කොලේ..ඔයත් එහෙනම් මේ ක්‍රම ටික කරලා බලන්නකෝ..

0
136

ඔයත් දියවැඩියා රෝගියෙක් නම්, සිංහල අලුත් අවුරුද්ද ගෙවෙමින් පවතින මේ දවස්වල කරන්න ඕනෙ හොඳම දේ තමයි තමන්ගේ රුධිර පරීක්ෂාවක් නැවත කරලා වැඩි සීනි තත්ත්වයක් තියෙනවාද නැද්ද කියල දැනගන්න එක. එහෙම තිබෙනවා නම් දැන්ම ඉඳලම වැඩි සීනි තත්ත්වය පාලනය කරගන්න සූදානම් වෙන්න ඕනෙ. වැඩි වෙලා තියෙන සීනි මට්ටම අවම කරගන්න වෛද්‍යවරයා ඔයාට කළින් ලබාදීලා තියෙන ඖෂධ මාත්‍රාව හරියට අරගන්න ගමන්ම නැවතත් ඔබේ වෛද්‍යවරයා හමුවෙලා පුළුවන් නම් ඒ මාත්‍රාව වැඩි කරගෙන හරි සීනි තත්ත්වය ඉක්මනින් අඩු මට්ටමක පවත්වා ගන්න උදව්වක් ඉල්ලා ගන්නත් ඕනේ.

මොකද අපිට අපේ සිංහල අවුරුදු චාරිත්‍ර කරන ඒව නවත්තන්න බැහැනේ. අවුරුදු කාලෙ අපි හැමෝම කිරිබත් කෑවා. අපි ගෙදර කිරිබත් මේසෙට තියන තුනයි තුනේ කිරිබත් කෑල්ලක කාබෝහයිඩ්‍රේටය පිරිලා තිබුණා. ඒ එක කිරිබත් කෑල්ලක කාබෝහයිඩ්්‍රට් කිලෝ ග්‍රෑම් 45 ක් විතර තියෙන්න පුළුවන්. නමුත් බත් කෝප්පයක තියෙන්නේ කාබෝහයිඩ්්‍රට් කිලෝ ග්‍රෑම් 30 ක් විතරයි. ඉතින් එහෙම බලපුවහම කිරිබත් කෑල්ලකට සාපේක්ෂව බත් කෝප්පයක් කෙනෙක් කන එක හොඳයි. ඊටත් වැඩිය කිරිබත්වල වැඩි සීනි ප්‍රමාණයක් තියෙනවා. ඒ නිසා ශක්තිය ප්‍රමාණයත් වැඩියි. එක කැවුමක මම හිතන්නේ කිලෝ කැලරි එකසිය පනස් හයයි තියෙන්නේ. ඉතින් බලන්න මේ පොඩි කෑමක වුණත් කැලරි සහ අධික ශක්තියක් තියෙනවා. ඉතින් මේවා අපි චාරිත්‍රානුකූල කරනකොටම පෙර සූදානමක් තියාගෙන කළේ නැත්තම් අවුරුදු කාලේ අපේ වැඩිවුණු ශක්තිය සහ කැලරි ප්‍රමාණය අඩු කරගන්න බැරි වෙනවා.

හොඳට අවුරුදු කෑව නම් දැන්වත් පුළුවන් හැම කෑම වේලක්ම ඔයාලට සම්පූර්ණයෙන්ම කාබෝහයිඩ්‍රේට් නැතුව කන්න. එතකොට අර වැඩිවුණ සීනි ප්‍රමාණය යම් ප්‍රමාණයකින් සමතුලිත කරගන්න ඔයාලට පුළුවන්.

ඊළඟට උදේට හවසට බොන්න කැමති තේ කෝප්පය කෙලින්ම සීනි දාලා, පිටි දාලා හදාගෙන බොන්නෙ නැතුව සීනි මොනවත් නැතුව ප්ලේන් ටී එකක් විදිහට ඔයාලට පුළුවන් දැන් පාවිච්චි කරන්න. එතකොට යම් ප්‍රමාණයකින් හරි වැඩි වුණ සිනි පාලනය කරගන්න පුළුවන්.

අවුරුදු චාරිත්‍ර අපි හැමෝම කරනවා. කැවුම් කොකිස් ඒවා ඔක්කොම හදලා අපි හැමෝම කනවා. නමුත් අවුරුදු ක්‍රීඩා අපට අමතක වෙනවා. අපේ චාරිත්‍ර කරන ගමන් දැන් මේ නූතන සමයේ දරුවන් වත් හරියට දැකලා නැති අවුරුදු ක්‍රීඩා කළා නම්, ගම හරහා දිව්ව නම්, කඹ ඇද්දා නම්, ලිස්සන ගහේ නැග්ගලා නම් වැඩි කරගත්ත කැලරි ප්‍රමාණය දහනය කරගන්න පුළුවන්. එතකොට මේ සතිය ගත්තොත් අර වැඩිපුර ලබාගත්ත ඒ ශක්තිය වැඩිපුර දහනය කරලා අප්‍රේල් මාසේ ඉවර වෙනකොට සමතුලිත කරගන්න පුළුවන් අවස්ථා ඕන තරම් අපට අවුරුදු ක්‍රීඩාවල දීලා තියෙනවා.

මේ විදිහට දැන්ම තමන්ගේ ජීවිතය සමතුලිත කරගන්න. දියවැඩියා රෝගියකුට වුණත් මේ අවුරුදු සමයේ කිසිම බාධාවක් නැතුව යම් සීමාවන් ඇතුව හොඳට මේ දැනුම ලබාගෙන මොළය පාවිච්චි කරලා සිංහල දමිළ අලුත් අවුරුද්දත් එක්ක වැඩිවුණු සීනි දැඩිවුණ කැලරී පාලනය කරගන්න තවමත් කල් වැඩි නෑ.අපි ධනාත්මකව හිතුවොත් අපේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න අපට පුළුවන්.

(සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය වෙනුවෙන් මහජනතාව අතර සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ඇතිකිරීම සහ හදිසි අනතුරු වළක්වා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ බෝ නොවන රෝග පිළිබඳ විශේෂඥ කමිටුව විසින් පැවැත්වූ දේශන ඇසුරෙනි)

Previous articleඑක් නිමේෂයක ඇති වූ තදබල සිත් අමනාපයක් සෙනෙහෙබර මවක් සහ ගුරුවරියක් සදහටම අපෙන් උදුරා ගත් හැටි…
Next articleජීවිතය දිනූ දියණිය ගැන චන්දන සූරියබණ්ඩාර තැබූ සටහන
error: Content is protected !!
Verified by MonsterInsights