Home දේශිය පුවත් ජීවිතය දිනූ දියණිය ගැන චන්දන සූරියබණ්ඩාර තැබූ සටහන

ජීවිතය දිනූ දියණිය ගැන චන්දන සූරියබණ්ඩාර තැබූ සටහන

0
202

❤️ජීවිතය දිනූ දියණිය ගැන චන්දන සූරියබණ්ඩාර තැබූ සටහන

දීර්ඝ කාලයක් රූපවාහිනී තිරය ඉදිරිපිට විවිධ පුද්ගලයන් මුණගැසුණද, කිසිවෙකු පිළිබඳව මෙවන් සටහනක් නොතැබීමේ සිය ප්‍රතිපත්තිය හබිෂායිනී වෙනුවෙන් බිඳ දමන්නට තමන් තීරණය කළ බව චන්දන සූරියබණ්ඩාර මහතා පවසයි. ඇය සතු නොසැලෙන පෞරුෂය, නිරවුල් ජීවන දැක්ම සහ අදීන නිර්භීතකම ඉදිරියේ තමන් මවිතයට පවා පත් වූ බව පවසන ඔහු, ඇය සතු ගැඹුරු දැනුම් සම්භාරය හමුවේ තමන්ව කුරා කුහුඹුවෙකු ලෙස දැනුණු බවත්, ඇය හුදෙක් දැනුමෙන් පමණක් නොව අපූරු ජීවන දර්ශනයකින්ද සන්නද්ධ වූ සුවිශේෂී දියණියක බවත් අවධාරණය කරයි.

තරගයේ අතිශය තීරණාත්මක මොහොතක, “ගඟක් එකම තැනකින් දෙපාරක් ගලන්නේ නෑ, මේ අවස්ථාව නැවත නොඑන නිසා මම පිළිතුර ලබා දෙනවා” යනුවෙන් ඇය පැවසූ නිර්භීත වදන් තවමත් තම මතකයේ රැඳී ඇති බව ඔහු පවසයි. ශ්‍රී ලාංකේය රූපවාහිනී ප්‍රශ්න විචාරාත්මක ඉතිහාසයේ වාර්තාවක් තබමින්, එවැනි වැඩසටහනකින් දිනාගත් ඉහළම ත්‍යාග මුදල හිමිකරගත් ඇයට සුබ පතන්නට තරම් තමන් තවමත් කුඩා බව පවසන චන්දන සූරියබණ්ඩාර මහතා, මෙරට දරුවන්ගේ අතිමහත් දක්ෂතාවය ඇය මුළු රටටම පසක් කර දුන් බව ද සඳහන් කරයි.

Previous articleඅවුරුදු ඉවරයි අවුරුදු මාසේ වැඩිවුණු සීනි,කැලරී පාලනය කරගන්න මේ තමයි හොඳම කොලේ..ඔයත් එහෙනම් මේ ක්‍රම ටික කරලා බලන්නකෝ..
Next articleඩෙනිම් කලිසම් සෝදන්න එපා කියන්නේ මෙන්න මේ නිසයි.. දවස් 450ක් එකම කලිම සොදන්නේ නැතිව ඇඳලා කරපු පරීක්ෂණයකින් හෙළිවුණ රහස මෙන්න..
error: Content is protected !!
Verified by MonsterInsights