ලංකාවේ කලා ක්ෂේත්‍රයේ ඉන්න අතිශය ජනප්‍රිය වගේම රූපලාවන්‍ය ක්ෂේත්‍රයේත් දැවැන්ත නමක් දිනා සිටින ඇය ගයාත්‍රි ඩයස්.
නිරන්තරයෙන්ම සිනහමුසු මුහුණින් දකින ඇයගේ ජීවිතය හැමදාම මල් පාවඩ එලපු එකක් නෙවෙයි කියලා ඇය මෑතකදී කළ සංවේදී හෙළිදරව්වකින් පේනවා.
තමන්ගේ අතීතයේ කටුක මතකයන් සිහිපත් කරමින් ගයාත්‍රි කළ අදහස් මේ විදිහට මුහුණු පොතේ හුවමාරු වන්නේ කාගෙත් අවධානය දිනාගනිමින්.
“අවුරුදු 8දී මම ගෙදර අම්මා වුණා…”ඇය පවසන විදිහට ඇයගේ කුඩා කාලය හරිම අමාරු එකක්. අම්මා සහ අප්පච්චි ගෙදර නැති වෙලාවට අයියා සහ නංගි වෙනුවෙන් උයන්න පිහන්න පවා සිදු වෙලා තියෙන්නේ අවුරුදු 8ක් 9ක් වැනි ඉතාම කුඩා වයසකදීයි.”මගේ කුඩා කාලේ සුන්දර නෑ. අම්මා අප්පච්චි ගෙදර නැති නිසා අපේ ගෙදර අම්මා වෙලා හිටියේ මම. මම ඉස්කෝලේ ගිහින් ඇවිත් තනියම උයනවා .රස කෑම කෑවේ හීනෙන්…
අද සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන ඇය එදා ජීවත් වෙලා තියෙන්නේ හීන ලෝකයක. සැබෑ ජීවිතයේ අත්විඳින්න බැරි හැම දේම ඇය හීනෙන් දැකලා සතුටු වෙලා තියෙනවා.
ඇඳුම් ගන්න වත්කමක් නැති නිසා උත්සව කාලෙට ලස්සනට ඇඳලා ඉන්න හැටි හීනෙන් දැක්කා.
අනුන් රස කෑම කන දිහා බලාගෙන හිටපු කාලයක් ඇයට තිබිලා තියෙනවා.
පවුලේ හැමෝම එකට ඉන්න සතුට ඇය වින්දේ හීන ලෝකයේදී පමණයි.
“අපි අනාථ වෙයි කියලා හැමෝම හිතුවා”ගයාත්‍රි කියන විදිහට එදා ඔවුන් හිටපු තත්ත්වය අනුව සමාජය හිතුවේ මේ දරුවෝ පාරට වැටෙයි, අනාථ වෙයි කියලා. නමුත් අද ඇය ඉන්න තැන දකිද්දී ඒ දවස්වල ඇය ගැන වැරදියට හිතපු අයට ඇය නිහඬවම පිළිතුරු දීලා අවසානයි.
“පාරේ යද්දී ආස දේවල් ගන්න බැරි වුණාම ඒ දුක මට තදින්ම දැනුණා. අද මම මේ ඉන්න තැනට එයි කියලා එදා කවුරුත් හිතුවේ නෑ.”
ප්‍රසිද්ධ චරිතයක් වුණත් තමන් ආපු දුෂ්කර මාවත අමතක නොකර, ඒ අත්දැකීම් අනාගත පරපුරටත් පන්නරයක් වෙන්න මෙලෙස හෙළි කිරීම ගැන බොහෝ දෙනෙක් ඇයට ප්‍රශංසා කරමින් ඉන්නවා. ඇත්තටම ගයාත්‍රි කියන්නේ හීන පස්සේ හඹා ගිහින් ඒවා ජයග්‍රහණය කරපු දිරිය කාන්තාවක් කිව්වොත් නිවැරදියි.
මුහුණු පොත ඇසුරෙන්….









