Home දේශිය පුවත් අද ඔබ හිටියා නම් කොයිතරම් සතුටක්ද..? ඒත් දෛවය හැමදේම වෙනස් කළා…” ඉන්නා...

අද ඔබ හිටියා නම් කොයිතරම් සතුටක්ද..? ඒත් දෛවය හැමදේම වෙනස් කළා…” ඉන්නා තැනක සිට මැණික්ව රකින් ඔහුගේ මතකය නිසා අදත් ඇය සංවේදී වෙයි..

0
219
අද වැනි දවසක ඔබ හිටියා නම් කොයිතරම් සතුටක්ද..

ඒත් දෛවය හැමදේම වෙනස් කළා. ඔබ නැති අඩුව අදටත් ගොඩක් අයට දැනෙනව ඇති. අද යෙදෙන ඔබේ උපන්දිනයේදී ඔබට අමා මහ නිවනම පතනවා!”


මේ පෝස්ටුවට වැටී ඇති දහසකුත් ප්‍රතිචාර මැද මේ එක් සටහනක්.. කාගේත් ආදරය දිනාගත්ත සුරේන්ද්‍ර වසන්ත පෙරේරා කියන්නේ මේ කතාවේ කතා නායකයයි.

ඔහුගේ ආදරණීය බිරිඳ ගැන අදටත් බොහෝ දෙනාගේ මතකය අවදි වෙනවා. කාගේත් ආදරය දිනාගත්ත, මැණික් ලංකා රාජිනී.. දැන ඇය හුදෙකලාව වෙනම ගමනක් යන කාන්තාවක්. මැණික්ගේ ජීවිතය හිතුවාටත් වඩා සංවේදී වෙන්නේ වසන්තගේ නික්මයාම එක්කයි.

ඒ සිදුවීමෙන් පසු ඇයට අහිමිවූ දේ බොහෝමයක් වුණත්, මැණික් මේ වෙනකොට ඇයගේ ජීවිතය ගොඩනගාගෙන ඉදිරියට යනවා. එහෙම ජීවිතය ගෙවන මැණික්ට අද දවස මොන තරම් නම් දැනෙනවා ඇතිද..?

තමන්ගේ මියගිය සැමියාගේ උපන්දිනය දවසේ මැණික් මෙන්න මේ වගේ සංවේදි සටහනක් එක්කරලා තිබුණේ සියල්ලන්ගේම හදවත් කම්පා වෙන පරිද්දෙන් කිව්වොත් ඒ කතාවට බොහෝ දෙනා එකඟ වේවි.

“ඔයාට සුභ උපන්දිනයක් වේවා..
Surendra Wasantha Perera
දැවීමට හේතුව බැඳීම බවත් නිවීමට හේතුව අත්හැරීම බවත්,
අටලෝ දහමින් කම්පා නොවී ජීවිතේට මුහුණ දෙන්නටත් මං ඔයාගෙන් ඉගෙන ගත්තා…
ඔයා කොහොම හරි හුස්ම ගත්තා නම් අද වෙනකොට සියලු කතා ගොඩක් වෙනස් වෙන්න තිබුනා.
සුගතිගාමී වේවා..
අමා මහ නිවනම අත්වේවා…”

Previous articleපාරේ යද්දී ආස දේ ගන්න බැරිව එදා මම ඇඬුවා.. අද මේ වගේ තැනකට එයි කියලා කවුරුත් හිතුවේ නෑ…ගයාත්‍රි ඩයස්ගේ නොඇසූ කතාව මෙන්න…!
Next articleවිජය – මාලිනී – ගාමිණී ,හෙළ සිනමාවේ නිලි රැජිනගේ ජීවිත කතාව, රිදී තිරයේ සිත්තම් කරන ඔවුන්
error: Content is protected !!
Verified by MonsterInsights