විජය – මාලිනී – ගාමිණී ❤️
හෙළ සිනමාවේ නිලි රැජිනගේ ජීවිත කතාව, රිදී තිරයේ සිත්තම් කරන ඔවුන්
හෙළ සිනමාවේ නිලි රැජින, මාලිනි ෆොන්සේකා මහත්මියගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන “රැජිණියේ” සිනමාපටයේ චරිත නිරූපණයන් සිදුකරනුයේ කවුරුන් විසින් ද යන්න අද (මැයි 05) නිල වශයෙන් නිවේදනය කෙරුණා.
ඒ, නවලෝක ශ්‍රවණාගාරයේදී පැවති “රැජිණියේ” සිනමා නිර්මාණයේ මුහුරත් උළෙලේදීයි.
චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කිරීම සඳහා තෝරාගෙන ඇත්තේ, ජනප්‍රිය රංගන ශිල්පිනි තාරුකා වන්නිආරච්චි වන අතර ඈ, හෙළ සිනමාවේ නිලි රාජිනිය තිරයේ ජීවමාන කරනු ඇති.
එමෙන්ම ජනප්‍රිය රංගන ශිල්පි ජනිත් වික්‍රමගේ, ගාමිණී ෆොන්සේකා මහත්මාගේ චරිතයෙන් ද ජනප්‍රිය රංගන ශිල්පි දමිත් විජයතුංග, විජය කුමාරතුංගයන්ගේ චරිතයෙන් ද ඔබ හමුවට පැමිණීමට නියමිතය.
චිත්‍රපටය, සිනෙස්ටාර් පදනමේ සාභාපති ආචාර්ය ජයන්ත ධර්මදාස මහතාගේ සාඩම්බර සිනමා නිෂ්පාදනයකි.
එය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ අරුණ ජයවර්ධන විසිනි.
Janith Wickramage Tharuka Wanniarachchi Damith Wijayathunga












