හෙළ සිනමාවේ නිලි රැජිනගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන, ”රැජිණියේ” සිනමාපටයේ මුහුරත් උළෙල ඊයේ (මැයි 05) පැවැත්වුණා.
එහිදී චිත්‍රපටයේ චරිත නිරූපණයන් සඳහා කළ තෝරාගැනීම් නිවේදනය කළ අතර, එම තේරීම් මේ වන විට කාගෙත් කතාබහට ලක්ව තිබෙනවා.
එම කතාබහ අතර, සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතාගේ චරිතය ද ප්‍රධානයි.
පහතින් දැක්වෙන්නේ ඒ පිළිබඳව, ගාමිණී ෆොන්සේකා මහතාගේ පුතු වන දම්මිත් ෆොන්සේකා සමඟ මොවිඳු ෆොන්සේකා කළ කතාබහක් ඇසුරින් තබන ලද සටහනකි.
උපුටාගැනීමයි ;
“මාලිනී ෆොන්සේකා හෙල නිළි රැජිනියගේ චරිතාපදානය පදක කොට නිර්මාණය කිරීමට නියමිත රැජිනියේ සිනමා නිර්මාණය වර්තමානය වන විට සිනමා ලෝලී රසික ප්‍රජාවගේ මෙන්ම සමස්ථ ලාංකීය ජනසමාජය තුළ හෙළා දැක්මකට ලක්වන සංවාදයක් වෙලා තියනවා.
ඒ සම්බන්ධයෙන් මා මිත්‍ර සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහතාගේ පුතු වන දම්මිත් ෆොන්සේකා මහතා සමඟින් මා කල පෞද්ගලික සංවාදයකින් මෙය උපුටා දක්වමි.
“පෞද්ගලිකව මගෙන් හෝ ගාමිණි ෆොන්සේකාගේ පවුලේ කිසිම කෙනෙක්ගෙන් තාත්තගේ චරිතයත් මේ නිර්මාණයට සම්බන්ධ වීම ගැන හෝ මේ සම්බන්ධයෙන් කිම්සිම විමසීමක් හෝ අවසරයක් ලිඛිතව හෝ වාචිකව අරගෙන නෑ. ඔවුන්ට සදාචාරාත්මක අයිතියක් නෑ එහෙම හිතුමනාපෙට මේවගේ ලෝකයක් ගෞරව කරන චරිත ගැන පෞද්ගලික තීරණගන්න. අඩුම තරමේ කිසිම දැනුවත් කිරීමක්වත් මේ සම්බන්දයෙන් කරලා නෑ. මම පෞද්ගලිකව මේ චිත්‍රපටයේ Casting වලට එකඟ වන්නෙත් නෑ. තාත්තගෙ චරිතයට කරලා තියන ආදේශකය කොහෙත්ම අනුමත කරන්නෑ. තාත්තාගේ චරිතයට ආදේශ කරන්න කිසිම කෙනෙක් නෑ. අඩුම වශයෙන් ලංකාවෙ කරන්න පුළුවන් නලුවෙක්ට ඉන්නෙ “හේමාල්” ඒවගේ දක්ෂතාවය සහ පෙනුම කියන දෙකම තියන කෙනෙක් මේ සඳහා යොදාගන්න තිබ්බා. පෞද්ගලිකව මම ජනිත්ගේ රංගනය ගැන විවේචනය කරන්නෑ. ඔහු ඔහුගේ රංගන වපසරිය ඇතුලේ දක්ෂයෙක්. සහ ඔහු ඔහුට වෘත්තීමයව පැවරෙන වගකීම කරනවා පමණයි. ජනිත්ට මේකෙදි අපිට මුකුත් කියන්නත් බෑ. ඒත් මේ චිත්‍රපටයට නිශ්පාදනය කරන මේ තීරණ වලට සෘජුව සම්බන්ධ වෙන අයට සදාචාරාත්මක අයිතියක් තියෙන්න ඕනා මෙහෙම වැඩකට තාත්තගෙ චරිතය භාවිතා කරනවනම් ඒක අපෙන් අහන්න. ඊයේ ඉදලා මට දුරකථන ඇමතුම් එනවා මේ වැඩේට අපි අවසර දුන්නද? මේක නවත්වන්න කියලා.ඒ නිසා මම කියන්නෙ පෞද්ගලිකව අපි මේ වැඩේට එකඟ වෙන්නෙ නෑ”.
– දම්මිත් ෆොන්සේකා
පෞද්ගලික දුරකථන සංවාදයකින් උපුටා අවසර ඇතුව පල කරනලදි.
විජය, ගාමිණී, මාලිනී හෝ කාගෙවත් පෞද්ගලික වත්කමක් හෝ ප්‍රාග්ධනයක් නොවේ. ඔවුන් වග වූ ඔවුන් වෙනුවෙන් වග කියූ සමස්ථ සමාජයක් ඇත. දැන් මේ ෆිල්ම් එක මිනිස්සු බහුතරයක් ප්‍රේක්ෂකයා විවේචනය කරන නිසා මේකට සම්බන්ධ පාර්ශ්ව මීට වඩා මේක ගැන හිතන්න වෙනවා. මම පෞද්ගලිකව විශ්වාස කරන්නේ මේ වගේ ෆිල්ම් එකක් මීට වඩා හොඳ සංවිධාන ශක්තියකින් හොඳ විනයකින් කරන්න තිබ්බා සහ කරන්න තවමත් වෙලාව ඉතිරියි.පෞද්ගලිකව මේ කිසිම කෙනෙක් එක්ක මට පෞද්ගලික ප්‍රශ්නයක් නෑ. ඒත් මාලනී, ගාමිණී, විජය යනු රට සතු ජාතික වස්තූන්. ඒවගේ මිනිස්සුන් ගේ චරිත චිත්‍රපටයක් වෙනුවෙන් විකෘතියක් විහිළුවක් වෙනවා ඇස් කන් පියාගෙන බලන් ඉන්න බෑ.
-මොවිඳු ෆොන්සේකා”
උපුටාගැනීම අවසන්.
#ChannelE #entertainmentnews #rajiniye #gaminifonseka #malinifonseka #lka












