Home දේශිය පුවත් කොළඹ ජාතික රෝහලේ හිත හොඳ දොස්තර නොසිතූ මොහොතක සමුගනී.

කොළඹ ජාතික රෝහලේ හිත හොඳ දොස්තර නොසිතූ මොහොතක සමුගනී.

0
774

කොළඹ ජාතික රෝහලේ දිවා රෑ නොබලා රෝගීන් සුවපත් කළ හොඳ හිත දොස්තර වෛද්‍ය එම්. සදුන් පුලස්ති හදිසියේම මෙලොවින් සමුගෙන තිබෙනවා.

වාර්තා වන අන්දමට වෙවද්‍යවරයාට හදිසි හෘදයාබාධයක් හටගෙන තිබෙනවා.

1984 වසරේ සැප්තැම්බර් මස 19 වැනිදා උපත ලැබූ සදුන් පුලස්ති
මියයන විට 42 වැනි වියෙහි පසු වූ දෙදරු පියෙකි.

වෛද්‍ය සදුන් පුලස්ති මහතාගේ ආදරණීය බිරිය වන ඩිලානි ලියනගේ මහත්මිය ද වෛද්‍යවරියක් ලෙස සේවය කරයි.

වෛද්‍යවරයාගේ දේහය පිළිබද අවසන් කටයුතු හෙට 07 කොළඹ පිටකොට්ටේ පොදු සුසාන භූමියෙන්දි සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඔහුගේ හදිසි අභාවය පිළිබදව තැබූ සවේදී සටහන් පහතින්,

මොනවා කියන්නද මල්ලී…
මිනිස්සු සමුගන්නවා ඒක ඇත්ත…
ඒත් මෙච්චර වේලාසන…
තවත් මිනිස්සුන්ව සුවපත් කරන්න හිටපු මිනිහෙක් නේද ඔබ…
තමන්ගේ මිතුරන්ටත් ඥාතීන්ටත් හිතවතුන්ටත් උදව්කරගෙන බොහොම නිදහසේ හිටපු හොද හිතක් තිබ්බ ගමේ කොල්ලෙක් මේ තරම් ඉක්මනින් යන්න ගියේ ඇයි දැයි දන්නේ නුඹම පමණි!
අද ඒ සියලු දෙනාගේ වේදනාව ඔබ දන්නේ නම් ඔවුන් සුවපත් කිරීමට ඔබ එන බව විශ්වාසයි!
වාඩිය වත්තේ එකට ක්‍රිකට් ගහපු දවස්වල ඉදන් විවිධ මාවත් වල අපි ගියත් ගමේකම එදා ඉදන්ම තිබ්බා… එදත් උඹ වෙලාවකට බෝලෙයි පිත්තයි උස්සන් පොඩි වලියක් දාන් මගින් ගෙදර ගියා…
අදත් උඹ කාටත් නොකියා ජීවිත ගමනේ මගින්ම නොයෙන්නම ගිහින් මලේ….
නුඹට සුබ ගමන් සහෝදරයා!
කිසිකලෙකත් මෙවන් අකල් මරණයක් නොමවේවා!
නිවනටම දොර විවර වේවා සඳුන් මල්ලි!! 🙏❤️💐

 

Previous articleසීතල නුවරඑළියේ දී ශනුද්‍රි ප්‍රියසාද් සහ දිනේෂ් ගමගේ රහසේ ම යුග දිවියට..අවුරුදු 6ක නිහඬ ආදර කතාවේ මංගල පෝරුවේ අසිරිය මෙන්න ..
Next article‘තාත්තගෙ චරිතයට කරලා තියන ආදේශකය කොහෙත්ම අනුමත කරන්නෑ. අඩුම වශයෙන් ලංකාවෙ කරන්න පුළුවන් නලුවෙක්ට ඉන්නෙ “හේමාල්” ඒවගේ දක්ෂතාවය සහ පෙනුම කියන දෙකම තියන කෙනෙක් මේ සඳහා යොදාගන්න තිබ්බා.” – දම්මිත් ෆොන්සේකා
error: Content is protected !!
Verified by MonsterInsights