Home තරු ගොසිප් සීතල නුවරඑළියේ දී ශනුද්‍රි ප්‍රියසාද් සහ දිනේෂ් ගමගේ රහසේ ම යුග දිවියට..අවුරුදු...

සීතල නුවරඑළියේ දී ශනුද්‍රි ප්‍රියසාද් සහ දිනේෂ් ගමගේ රහසේ ම යුග දිවියට..අවුරුදු 6ක නිහඬ ආදර කතාවේ මංගල පෝරුවේ අසිරිය මෙන්න ..

0
312

ලංකාවේ ජනප්‍රියම තරු පවුලක බාලම සුරංගනාවිය, හැමෝම ආදරය කරන ශනුද්‍රි ප්‍රියසාද් අද දවසේ යුග දිවියට පිවිසුණා.

ඇයගේ අත ගත්තේ වෙන කවුරුත් නෙවෙයි, ජනප්‍රිය ගායන ශිල්පී දිනේෂ් ගමගේ. කාලයක් තිස්සේ රසිකයන් අතර කුතුහලයක්ව තිබුණු ඔවුන්ගේ ආදර කතාව අද ඉතාමත් ලස්සන මංගල උත්සවයකින් සනිටුහන් වුණා.විවාහයෙන් පස්සේ ශනුද්‍රි ඇයගේ සමාජ මාධ්‍ය ගිණුමට එකතු කරපු සටහන ගොඩක් දෙනෙක්ගේ ඇස්වලට කඳුළු උනන තරම් ආදරණීයයි.

“අවුරුදු 6කට කලින් අපි අද දවසේ විවාහ වෙයි කියලා ඔයාටවත් මටවත් විශ්වාස කරන්න බැරි වෙන්න ඇති. ඒත් බලන්න, අද ඉඳන් අපි අඹුසැමියන්. ඔයාව හැමදාමත් මාත් එක්ක තියාගන්න කියලා මම දෙවියන්ගෙන් කොච්චර නම් ඉල්ලන්න ඇද්ද? අද මේ උදාවුණු දවස වෙනුවෙන් දෙවියන් වහන්සේ ලොකු කැපකිරීමක් කළා.”

ඇය තවදුරටත් කියන්නේ ලෝකයටම එරෙහිව වුණත් දිනේෂ් එක්ක මැරෙනකල් ජීවත් වෙන්න ඇය සූදානම් බවයි. “ඔයාට හැමදාම ගෙදර එන්න හිතෙන විදිහේ ලස්සන නිවහනක් මම ඔයා වෙනුවෙන් හදනවා” කියලත් ශනුද්‍රි පොරොන්දු වෙනවා.

අතිශය සුන්දර විදිහට පැවැත්වුණු මේ මංගල උත්සවයේදී ශනුද්‍රි හරිම ලස්සන මනාලියක් විදිහට සැරසිලා හිටියා. ප්‍රියසාද් පවුලේ හැමෝම වගේම කලා ලෝකයේ ප්‍රභූන් රැසකුත් මේ අවස්ථාවට එක්වෙලා හිටපු බවයි අපිට වාර්තා වෙන්නේ.

Previous articleප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් නොසිතූ නිමේෂයක ජීවිතය හැරයයි..
Next articleකොළඹ ජාතික රෝහලේ හිත හොඳ දොස්තර නොසිතූ මොහොතක සමුගනී.
error: Content is protected !!
Verified by MonsterInsights