Home සයුරෙන් එහා පුවත් ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් නොසිතූ නිමේෂයක ජීවිතය හැරයයි..

ප්‍රවීණ චිත්‍රපටි අධ්‍යක්ෂකවරයෙක් නොසිතූ නිමේෂයක ජීවිතය හැරයයි..

0
541
White flag blowing in the wind in front of a clear blue sky
ඔහුගේ සමුගැනීම බොහෝ දෙනාගේ හද කම්පා කළ පුවතක් වුණා. මේ අන්න ඒ ගැන ඇසෙන හදවත් සසල කළ පුවතක්..

දකුණු ඉන්දීය සිනමාවේ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදකයෙකු සහ ව්‍යාපාරිකයෙකු වන ආර්.බී. චෞද්රි (R.B. Chaudhary) රාජස්ථානයේ පාලි දිස්ත්‍රික්කයේදී සිදු වූ රිය අනතුරකින් අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඒ මහතා 76 වන වියේ පසුවුණා.

රාජස්ථානයේ පාලි ප්‍රදේශයේ ජුන්ටා ගම්මානය අසල ජාතික මහා මාර්ග අංක 162 හිදී මෙම අනතුර සිදුව තිබුණා. වාර්තාවලට අනුව, ඔහු ගමන් ගත් වාහනය ඉදිරියට හදිසියේම ගවයින් රංචුවක් පැමිණීම නිසා රියදුරුට පාලනය කරගත නොහැකි වූ වාහනය මාර්ගය අසල ආරක්ෂිත බැම්මක ගැටී තිබෙනවා.

ඊයේ පස්වරුවේ පවුලේ විවාහ මංගල්‍යයකට සහභාගී වී ආපසු එමින් සිටියදී මාර්ගයට ගවයින් පැනීම නිසා මේ අනතුර සිදුව ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. කෙසේ වෙතත් මේ අනතුරෙන් ඔහුගේ රියදුරු ගෞතම් සර්වි බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

Previous articleයුක්තියේ දෙවඟන ඇස් අරියි! වසර 9කට පසු විද්‍යාගේ ආත්මයට සැනසීමක් දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් ඓතිහාසික තීන්දුව.
Next articleසීතල නුවරඑළියේ දී ශනුද්‍රි ප්‍රියසාද් සහ දිනේෂ් ගමගේ රහසේ ම යුග දිවියට..අවුරුදු 6ක නිහඬ ආදර කතාවේ මංගල පෝරුවේ අසිරිය මෙන්න ..
error: Content is protected !!
Verified by MonsterInsights