💔😪ගුරු සිහිනය බොඳවෙයි: ඇඟළුම් ක්ෂේත්‍රයේ සේවය කළ දක්ෂ තරුණියක් දිවියෙන් සමුගනී!
ගුරුවරියක් වීමේ උතුම් බලාපොරොත්තුව හදවතේ දරාගෙන, ජීවන අරගලය ජය ගැනීම සඳහා ඇඟළුම් කර්මාන්ත ශාලාවක සේවය කරමින් සිටි අචිනි සෙව්වන්දි නමැති තරුණියක් අවාසනාවන්ත ලෙස සිය ජීවිතයෙන් සමුගෙන තිබේ. වාර්තා වන අන්දමට ඇය මෙලෙස සියදිවි හානි කරගෙන ඇත්තේ ඇගේ ගුරු සිහිනය සැබෑ වී තිබූ මොහොතක වීම විශේෂත්වයකි. අධ්‍යාපනයට මෙන්ම සෙසු කටයුතුවලටද උපන්හපන්කම් දැක්වූ, කාගේත් ආදරය දිනා සිටි මෙම තරුණියගේ හදිසි වියෝව ඇගේ පවුලේ අයට මෙන්ම මිතුරු මිතුරියන්ටද දරාගත නොහැකි බලවත් ශෝකයක් වී ඇත.
ඇගේ අකල් මරණයෙන් දැඩි සේ කම්පනයට පත් සමීපතම මිතුරියක් සමාජ මාධ්‍ය වෙත සංවේදී සටහනක් එක් කරමින් පවසා ඇත්තේ, සිතේ පැවති දැඩි පීඩනය දරාගත නොහැකි වූ තැන ඇය මෙවැනි තීරණයක් ගන්නට ඇති බවයි. “එදා උදේ අපිට morning work shift එක තිබුණා නම් ඔයා තාමත් ජීවත් වෙනවා” යැයි පවසමින් ඇය සිය මිතුරියගේ වියෝව ගැන දැඩි සේ විලාප තබා තිබුණි. කොතරම් දක්ෂ සහ ගුණවත් අයෙකු වුවද, ජීවිතයේ ඇති වූ යම් කලකිරීමක් මත සියල්ල අත්හැර ගිය අචිනි සෙව්වන්දි තරුණියට ඇගේ මිතුරියන් ඇතුළු සැවොම උදේ පාන්දරම “නිවන් සුව” ප්‍රාර්ථනා කරමින් සමුදී තිබේ.










