“අප්පච්චිගේ අඩුව ලොකුවටම දැනිච්ච පින්තූරයක්…”
ජැක්සන් ඇන්තනි කියන්නේ නමක් විතරක් නෙවෙයි…
ඒ මේ පවුලේ මෙන්ම මුළු රටේම කලා හදවත් ස්පර්ශ කළ
මහා පෞරුෂයක්…
කලා ලෝකයේ මෙන්ම රසික හදවත් තුළ ද සදානුස්මරණීය සටහන් තැබූ ඇන්තනි පවුල යනු අප රටේ කලා ක්ෂේත්රයේ කණු කිහිපයක් බඳු පවුලකි. මව්පියන්ගේ කලා කුසලතා දරුවන් වෙත ද දායාද කරමින්, කලාවටම ජීවිතය පූජා කළ මේ ආදරණීය පවුලේ සුන්දර ඡායාරූපයක් මෑතකදී සමාජ මාධ්‍ය හරහා අපේ දෑස් ගැටුණි.
එය එක් අතකින් සිනහමුසු මුහුණින් යුත්, පවුලේ එකමුතුකම විදහාපාන සුන්දර ඡායාරූපයකි. එහෙත්, ඒ සුන්දරත්වය අතරවාරයේ කාගේත් දෑස් තෙත් කරවන, හදවතට තදින්ම දැනෙන ලොකු අඩුවක් ඒ තුළ විය. ඒ, මේ මුළු පවුලේම කලා ලෝකයේ මාවත එළිය කළ, සැමගේ ආදරණීය මඟපෙන්වන්නා වූ, ප්‍රවීණ රංගනවේදී ජැක්සන් ඇන්තනි මහතා ඒ ඡායාරූපය තුළ නොමැති වීමයි.
සමාජ මාධ්‍යයේ එම ඡායාරූපයත් සමඟ සටහන් වී තිබූ,
“අප්පච්චිගේ අඩුව ලොකුවටම දැනිච්ච පින්තූරයක්…”
යන කෙටි වැකිය සැබැවින්ම සංවේදී හදවත් කම්පා කරවන්නකි.
ජැක්සන් ඇන්තනි යනු නම ඇසූ පමණින් කලා ලෝකය ආදරයෙන් සිහිපත් කරන දැවැන්තයෙකි. ඔහු වේදිකාව, සිනමාව මෙන්ම ටෙලිනාට්‍ය ක්ෂේත්රය පෝෂණය කළ ප්‍රතිභාපූර්ණ කලාකරුවෙකි. ඊටත් වඩා ඔහු සිය දරුවන්ට ආදර්ශවත් පියෙකි… ඔවුන්ගේ සෑම පියවරකදීම සෙවනැල්ලක් වූ අප්පච්චියෙකි. අද සජිත, අකිල ඇතුළු දරුවන් කලා ක්ෂේත්රයේ තබන සාර්ථක ගමන පිටුපස ඇත්තේ ඔහුගේ ආශීර්වාදය සහ මඟපෙන්වීමයි.









